පළමුව එම පිරිස මෙම අනතුරේදි මියගිය ධීවරයින් හා අසනීප වු ධීවරයා ගෙන්වා ගැනීම සඳහා දැරූ උත්සාහය සම්බන්ධයෙන් ධීවර අමාත්‍යවරයාට හෘදයාංගම ස්තූතිය පුද කළේය.
ඉන්පසු අමාත්‍යවරයා එම දරු පවුල් වල තොරතුරු විමසා ඔවුන්ගේ ජීවනෝපාය සරිකර ගැනීම සදහා ස්වයංරැකියා වල යෙදීමටද අමාත්‍ය මණ්ඩල කැබිනට් පත්‍රිකාවක් යොමු කොට එක් පවුලකට රුපියල් ලක්ෂ 05 බැගින් කරුණාසහගත දීමනාවක් රජයෙන් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද පැවසුවේය.
ජීවිත රක්ෂණය ලබා ඇති එම ධීවරයින්ට අවශ්‍ය රක්ෂණ වන්දි ලබාදිමට අවශ්‍ය කටයුතු කරන ලෙසද, එම මියගිය ධීවරයින් ග්‍රාමීය ධීවර සංවිධාන වල සාමාජිකයින් නම් ඔවුන්ට ආපදා අරමුදලින් යම් මුදලක් ගෙවීමට හැකි දැයි සොයා බලන ලෙස ද ජාතික ධීවර මහා සම්මේලනයේ ලේකම් නෙල්සන් එදිරිසිංහ මහතාටද අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.
මෙම ක්‍රියාමාර්ග ගැනීමට වහාම පියවර ගන්නා ලෙස අමාත්‍යංශයේ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ මහතා හා ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් සුසන්ත කහවත්ත මහතාටද උපදෙස් දෙන ලදි.