ඒ අනුව, නාවික හමුදා බුද්ධි අංශය විසින් ලබාදුන් තොරතුරකට අනුව, නීති විරෝධී ලෙස ඉන්දීය ධීවර යාත්‍රාවක් මඟින් වෙන්නප්පුව තල් දෙක (කඩවත) ප්‍රදේශයට පැමිණ රහසිගතව ගොඩ බැසීමට උත්සහ කිරීමේ දී, වෙන්නප්පුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා, මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම හේතුවෙන් 2021 වර්ෂයේ දී ඉන්දියාවේ දී අත්අඩංගුවට පත්ව ඇති සැකකරුවෙකු බව අනාවරණය වී ඇත.
ඒ අනුව, මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට සැකකෙරෙන අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ ඉන්දීය ධීවර යාත්‍රාව සම්බන්ධ වැඩිදුර විමර්ශන සහ ඉදිරි නීතිමය කටයුතු වෙන්නප්පුව පොලීසිය විසින් සිදුකරනු ලබයි.