කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ සංවර්ධන නිලධාරීන්ගේ ධාරිතා ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ සංවර්ධන නිලධාරී මනෝ සාමාජීය එක්දින පුහුණු වැඩසටහනක් පසුගිය 08 වන දා දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වූයේ සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උපදේශන නිලධාරී හර්ෂණ මහතා හා විදේශ රැකියා අමාත්‍යංශයේ පුහුණු සංචිතභාර නිලධාරී ලංකා සුමනදාස යන මහත්වරුන්ගේ සම්පත් දායකත්වයෙනි.
මීට සමගාමීව විදේශගත ශ්‍රමික පවුල්වල සාමාජිකයින්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ස්වයං රැකියා සිදු කරන සහ සිදුකිරීමට අපේක්ෂිත පිරිස් වෙනුවෙන් ව්‍යවසායකත්ව පුහුණු වැඩසටහනක් පසුගිය 09 වන දා මහියංගන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සංවිධානය කර තිබුණි. ඒ සඳහා විදේශ පුහුණු සංචිත භාර නිලධාරී ලංකා සුමනදාස සහ විදේශ රැකියා දිස්ත්‍රික් සංවර්ධන නිලධාරී ජගත් දිසානායක යන මහත්වරුන් සම්පත් දායකත්වය ලබා දී තිබූණි.
මෙම වැඩසටහන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් බදුල්ල දිස්ත්‍රික් ලේකම්තුමාගේ සහ මහියංගණ ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ උපදෙස් මත විදේශ රැකියා සංවර්ධන නිලධාරීන් විසින් සංවිධානය කර තිබුණි.