නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර පොදු වෙළඳපොළ වල ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක්

    අගෝස්තු 12, 2024

    මහනුවර පොදු වෙළඳපොළ වල ගැටලු සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් පසුගියදා (06) මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදි පැවැත්විණි. මෙහිදි මහනුවර මධ්‍යම වෙළදපොළ, දුම්රියපොළ පාර කඩහිමියන්ගේ සංගමය, ටොම්ලින් උයන වෙළද සංගමය, මැණික්කුඹුර වෙළද සංගමය, ටොරින්ටන් වෙළද සංගමය යන සංගම්වල නියෝජිතයින් විසින් ආණ්ඩුකාරවරයා වෙත කර තිබු ඉල්ලිමක් අනුව ඔවුන්ගේ පවතින ගැටලු සාකච්ඡා කිරිම සදහා මෙම සාකච්ඡාව කැඳවා තිබුණි.

    මෙහිදි වෙළදැසල්වල කඩ කුලි ගැටලුව සහ තක්සේරු සිදු කර ඇති ආකාරයන්ගේ පවතින ගැටලු පිළිබදව මෙන්ම වෙලදාම් කටයුතු දියුණු කිරීම සදහා වන ගැටලු වෙළදසංගම් විසින් ආණ්ඩුකාරවරයා වෙත ඉදිරිපත් කළේය. තවද තක්සේරු දෙපාර්තමේන්තුව විසින් තම තක්සේරු කරණය සදහා යොදා ගන්නා පදනම පිළිබඳව විස්තර කිරීම සඳහා අවස්ථාවක් ලබාදුන් අතර ආණ්ඩුකාරවරයා විසින් අදාළ ආයතනයන් වෙත මේ කරුණු පිළිබඳව සවිස්තාරත්මක වාර්තාවක් සහ විසඳුම් ලබා දෙන ආකාරය පිළිබඳ කරුනුත් තමා වෙත සති දෙකක් ඇතුළත ලබා දෙන ලෙස දන්වා සිටින ලදී.

    ආණ්ඩුකාරවරයා මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ එළැඹෙන පෙරහර සමයේ ජනතාව වෙත පිරිසිදු ආහාර පාන ලබා දිමටත් මහනුවර නගරයේ ආරක්ෂාව හා පිරිසිදුකම රැක ගැනීමට පසුගිය අවුරුදු කිහිපයේ තමන් වෙත ලබාදුන් සහයෝගය මෙන්ම මෙවරද සහාය ලබා දෙන ලෙසයි.

    මෙම අවස්ථාවට පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු, ආණ්ඩුකාර සහකාර ලේකම්(වැ.බ) උදාර කොන්සිවත්ත, නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ යන මහත්ම මහත්මින් වෙළදසැල් සංගම්වල නියෝජිතයින් ඇතුලු නිලධාරින් පිරිසක් එක්වි සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya