නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර ඇසළ පෙරහැරේ තෙවන කුඹල් පෙරහැර අද රාත්‍රී වීථි සංචාරය කෙරේ

    අගෝස්තු 12, 2024

    ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවන කුඹල් පෙරහැර වීථි සංචාරය කිරීම අද (12) පස්වරුවේ යෙදෙන සුබ මොහොතින් සිදුවේ.

    රාත්‍රී 07.22ට යෙදෙන සුබ මොහොතින් ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සිව් මහා දේවාල පෙරහැර සමගින් වීථි සංචාරයට එක්වේ.

    එම පෙරහැර දළදා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය, කොළඹ වීදිය, කොටුගොඩැල්ල වීදිය ඔස්සේ ගමන් කොට රජ වීදියෙන් යළ ශ්‍රී දළදා මාලිගාව කරා ගෙවැදීමට නියමිතය.

    දෙවන කුඹල් පෙරහැර ඊයේ රාත්‍රී වීථි සංචාරය කළ අතර සාධාතුක පෙරහැර කරඩුව වැඩම කරවන ලද්දේ ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පංතියට අයත් සිංහරාජා ඇතු විසිනි. පුලතිසි රාජා සහ කෝට්ටේ රාජා යන ඇත්තු දෑලේ ගමන් ගත්හ.

    දළදා පෙරහැරරේ ඊයේ ගමන් කරන ලද්දේ නාථ දේවාලයේ බස්නායක නිලමේ .ඩබ්ලියු.එස්.බණ්ඩාරනායක මහතා ය.

    තෙවන කුඹල් පෙරහැර නැරඹීම සඳහා මේ වන විටත් සැදැහැවතුන් පෙරහැර මාර්ගය දෙපස එක්රැස්වී සිටිති.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya