ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගජබා රෙජිමේන්තුව හා ගජබා රෙජිමේන්තු ප්රවීණයන්ගේ සංගමය එක්ව සංවිධානය කරනු ලබන මෙම සැණකෙළිය මීගමුව නගරයේ - කඩොල් කැලේ ක්‍රීඩාංගනයේදි පැවැත්වේ.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් ගජබා ප්රවීණයන්ගේ සංගමයේ සභාපති මේජර් ජෙනරාල් උදය පෙරේරා (විශ්‍රාමික), ආරක්ෂන සේනා ආඥාපති (යාපනය) මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ සහ ගජබා ප්රවීණයන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා ආරක්ෂක අමාත්‍යාංශයේදි පැවැත්විණි.
මෙම සැණකෙළිය අධ්‍යාපනික ප්‍රදර්ශණ, වෙළඳකුටි, විනෝද ජනක ක්‍රීඩා, යුද්ධ හමුදා සංදර්ශණ සමගින් දිවයිනේ ජනප්‍රිය ගායක ගායිකාවන් සහභාගී වන අද්විතීය සංගීත ප්රසංගයන්ගෙන් සමන්විතය.
මෙමගින් උපයන ආදායමෙන් ගජබා ප්‍රවීණයන් සවිබල ගැන්වීම, ඔවුන්ගේ පවුල්වල සුබසාධනයට මෙන්ම ක්‍රියාන්විත හේතූන් මත ආබාධිත සහ ජීවිතක්ෂයට පත් රණවිරුවන්ගේ පවුල්වල සහ ඔවුන්ගේ දරුවන්ගේ සුභසාධන කටයුතු වෙනුවෙන් යෙදවීමට නියමිය.