ඒ මහතා මේ බව පැවසුවේ, මැතිවරණය පිළිබඳ කොමිසමේ විශේෂ කරුණු සම්බන්ධව අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති දැනුවත් කිරීමේ වැඩමුළුවකට එක් වෙමිනි.
මැතිවරණයකදී ජයග්‍රහකයා කවුරුන්ද යන වග අදාළ නොවන නමුත් ඡන්ද දායකයා කවුරුන්ද යන්න මැතිවරණ කොමිෂන් සභාවට අදාළ බව කී කොමසාරිස් ජනරාල්වරයා, ඡන්දදායකයින් තම ඡන්දය භාවිතා කර ජයග්‍රහණය කරවන පුද්ගලයා කවුරුන්ද යන වග ප්‍රකාශ කිරීම මැතිවරණ කොමිෂන් සභාව සතු බවද පෙන්වා දුන්නේය.
ඕනෑම මැතිවරණයක ජයග්‍රහයකයාගේ සුජාතභාවය තිරණය වන්නේ ජයග්‍රහණය මත නොව ජයග්‍රහණය සඳහා ගමන් කළ ආකාරය තුළ බව කී ඒ මහතා, මැතිවරණයක් සම්බන්ධයෙන් කොමිෂන් සභාවට ඇති ප්‍රධාන වගකිම වන්නේ මැතිවරණය නිදහස්, සාධාරණ හා පිරිසිදු විම බවත් ඒ සඳහා දිගින් දිගටම ඊට අදාළ නීති රීති අණ පනත් සියල්ලම ඒ ආකාරයෙන්ම සකස් කර ක්‍රියාත්මක කරන බව ද පැවසුවේය.
එමෙන්ම ඡන්ද හිමි නාම ලේඛණයේ නම සඳහන් පුද්ගලයින්ට පමණක් ඡන්දය ලබා දිමට හැකි බව පෙන්වා දුන් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා, මැතිවරණ ක්‍රමවේදයක සුජාතභාවය ඇතිවන පළමු තැන ඡන්ද හිමි නාම ලේඛණය බවත් ඒ සඳහා නිත්‍යානූකූල රාමුයක් තුළ එම නාම ලේඛණය මැතිවරණ කොමිෂන් සභාව සකස් කරන බවද පැවසිය.
මැතිවරණ කොමිෂන් සභාව ඡන්දප හිමි නාම ලේඛණයක් සකස් කර ඉන් පසු මැතිවරණයක් ප්‍රකාශ කර එයින් ජයග්‍රහයකයා ප්‍රකාශ කිරීමේන් අනතුරුව සතියක කාලයක් යන තෙක් මැතිවරණ නීතිය ක්‍රයාත්මක වන බවත් එමෙන්ම මැතිවරණ කොමිෂන් සභාව නීතිය ක්‍රියාත්මක කරනුයේ ඡන්දදායකයාට සහ අපේෂකයාට දෙපැත්තටම වටිනාකමක් ලබා දීමට බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.