නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රත්මලාන නව ඩීසල් බලවේග කට්ටල අලුත් වැඩියා කිරීමට වැඩ බිම් අංගනයක්

    අගෝස්තු 08, 2024

    රත්මලාන නව ඩීසල් බලවේග කට්ටල අලුත් වැඩියා කිරීමේ වැඩ බිම් අංගනය සඳහා මුල්ගල තැබීම ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් රංජිත් ගංගානාත් රූබසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) සිදු කෙරිණි.

    ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය ක්‍රියාත්මක දුම්රිය දෙපාර්තමේන්තුවේ, දුම්රිය කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙම වැඩ බිම් අංගනය ඉදි කෙරේ. 

    දුම්රිය දෙපාර්තමේන්තුවේ ධාවන ඇනියේ පවතින සහ ඉදිරියේ දී එක්කිරීමට නියමිත නව එන්ජින් සහ මැදිරි පිළිබඳ අවධානය යොමු කරමින් ඒවායේ එන්ජින් ඇතුළු අනෙකුත් අලුත්වැඩියාවන් සිදු කිරීම සඳහා පවතින පහසුකම් වර්ධනය කිරීම මෙහි ප්‍රධාන අරමුණ වෙයි.

    ඉදිකිරීමට යෝජිත නව ගොඩනැඟිලි සංකීර්ණයට ප්‍රධාන අළුත්වැඩියා කර්මාන්තශාලා ගොඩනැගිල්ල, සහායක අයිතම,තහඩු ලෝහ වැඩ ප්‍රදේශය, පරිපාලන අංශය, ඩීසල් එන්ජින් අලුත් වැඩියා කොටස ගබඩා විදුලි සහ ඉලෙක්ට්‍රොනික අංශය, පිංතාරු කුටි, සේවක විවේකාගාර, විදුලි උත්පාදන යන්ත්‍ර කාමර ඇතුළු පහසුකම් රැසක් ඇතුළත් වේ.

    ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ  චීන සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් සමාගම විසින් මෙහි ඉදිකිරීම් සිදුකරන අතර එම ව්‍යාපෘතියේ මුළු කොන්ත්‍රත් වටිනාකම රුපියල් බිලියන 2.7 ක් වෙයි.

    ඉදිකිරීම් සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරී එස්. එස්.මුදලිගේ මහතා. චීන සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් සමාගමේ සාමාන්‍යාධිකාරී ෂූ මහතා, ව්‍යාපෘති අධ්‍යක්ෂ උපාලි මල්ලිකාරච්චි මහතා, දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් ඇතුළු ආරාධිතයින් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya