නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහජන පැමිණිලි විමර්ශනය සඳහා රේගු අභ්‍යන්තර ඒකකයක්

    අගෝස්තු 08, 2024

    ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි භාර ගැනීම සහ විමර්ශනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක අභ්‍යන්තර කටයුතු ඒකකය මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතාගේ අතින් විවෘත කෙරිණි. 

    මෙමඟින් මහජනතාව සහ රේගුව අතර පවතින සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීම මෙහි අරමුණ බව අමාත්‍යවරයා සඳහන් කළේය. 

    රේගු දෙපාර්තමේන්තුව ලබා දුන් ආදායම් ඉලක්ක අභිබවා යමින් සුවිශේෂී මෙහෙවරක් රට වෙනුවෙන් සිදු කරමින් සිටින අතර ඒ හේතුවෙන් ම විවිධ පැසසුම් සේම චෝදනා එල්ල වන බව ද අමාත්‍යවරයා පැවසුවේය.

    එබැවින් තවදුරටත් මහජනතා සහ දෙපාර්තමේන්තුව අතර පවතින සබඳතාව ශක්තිමත් කිරීමට මෙම ඒකකය හේතු වනු ඇතැයි පෙන්වා දුන් අමාත්‍යවරයා පැවසුවේ ඉදිරියේ දී දේශීය ආදායම් සහ සුරාබදු දෙපාර්තමේන්තු වෙත ද මෙම ක්‍රමවේදය හඳුන්වා දීමට කටයුතු කරන බවයි. 

    පැමිණිලි යොමු කළහැකි ක්‍රමවේදයන්

    දුරකතන අංක 0112 - 221 331/ 0112 - 221 333/ 0704 - 752 803 

    විද්‍යුත් තැපැල් ලිපිනය - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Whatsapp අංකය - 070 4 752 803

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya