සැප්තැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් නැවත ආරම්භ කිරීම ප්‍රවාහන අමාත්‍යවරයාගේ නිරීක්‍ෂණයට

    අගෝස්තු 07, 2024

    ශ්‍රී ලංකාවේ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් අත්සන් කිරීමත් සමඟ ඉදිකිරීම් ආරම්භ කර අතරමඟ නතර කර තිබූ ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් නැවත ආරම්භ කිරීම නිරීක්‍ෂණය සඳහා, ඒ සඳහා ණය ආධාර සපයන හංගේරියානු රජයේ නියෝජිතයින් සමඟ ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (06) එක් විය.

    එහි දී හංගේරියානු නියෝජිතයින් වෙත පාලමේ ඉදිකිරීම්වල වත්මන් තත්ත්වය පිළිබඳව පැහැඳිළි කර දෙමින් ඉතාමත් ජනාකීර්ණ, ආගමික සංස්කෘතික හා සමාජය වශයෙන් විශාල වැදගත්කමක් සහිත මහනුවර නගරයේ මෙම ප්‍රදේශය තුළ පවතින රථවාහන තදබදයට පිළියමක් ලෙස මෙම පාලම කඩිනමින් ඉදිකර අවසන් කිරීමේ වැදගත්කම අමාත්‍යවරයා විසින් පෙන්වා දුන්නේය.

    ඉන් අනතුරුව ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානයේ දී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අති පූජ්‍ය කැප්පිටියාගොඩ සිරි විමල නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමට ද අමාත්‍යවරයා එක් එක්විය.

    එහි දී ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ වෙත, හංගේරියානු නියෝජිතයින් සමඟ පවත්වන සාකච්ඡා සාර්ථක කර ගැනීමෙන් අනතුරුව මෙම පාලමේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කර අවසන් කිරීමට අවස්ථාව ලැබෙනු ඇති බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

    ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යංශයේ ලේකම් රංජිත් ගංගානාත් රූබසිංහ, හංගේරියානු රජය නියෝජනය කරමින් Marton Laszlo (Honourable Council of Sri Lanka Hungary (CEO – Betonutepito), නව දිල්ලි හංගේරියානු තානාපති කාර්යාලයේ ආර්ථික සහ වාණිජ උපදේශක Levente Kardos, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත සූරියබණ්ඩාර, ව්‍යාපෘති භාර අධ්‍යක්‍ෂ නලින්ද රත්නායක, මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක නිලධාරීන්, දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතනවල නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya