සැප්තැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ගිණුම්වල පොලී අනුපාතය 10%ක් දක්වා ඉහළට - මුදල් රාජ්‍ය අමාත්‍ය

    අගෝස්තු 07, 2024

    ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය සඳහා 2% සහනාධාරයක් ලබා දෙමින් 10%ක උපරිම පොලී අනුපාතයක් ලබා දීම සඳහා ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිම වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වයස අවුරුදු 60ට වැඩි සිය ගිණුමේ රුපියල් මිලියනය දක්වා මුදල් තැන්පතු පවතින, මාසිකව සිය පොලී මුදල ලබා ගන්නා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත මෙම ප්‍රතිලාභය හිමි වන බවයි.

    මීට පෙර රජය ලබා දුන් විවිධ පොලී සහනවලට අදාළව රුපියල් බිලියන 88ක පමණ මුදලක් තව දුරටත් රජය විසින් බැංකුවෙත ගෙවීමට ඇති තත්ත්වයක් තුළ පවා ජනාධිපතිවරයා මෙම පියවර ගනු ලැබුවේ පොලී මුදලෙන් මාසිකව ජීවිත්වන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉල්ලීමට සානුකම්පිත ප්‍රතිචාර දැක්වීමක් ලෙස බවට අමාත්‍යවරයා සඳහන් කරයි.

    ඉදිරි සැප්තැම්බර් මාසයේ සිට මෙම සහනය ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට හිමි වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya