ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව පාසල් දරුවන්ට ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, වරාය නගරය, මහබැංකුව, පාර්ලිමේන්තුව ඇතුළු කොළඹ අවට අධ්‍යාපනික වටිනාකමක් ඇති සුවිශේෂ ස්ථාන නැරඹීම සඳහා අවස්ථාව උදා කර දී තිබේ.
මැණික්දිවෙල මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් 570ක් පමණ ඊයේ (05) එම ක්ෂේත්‍ර චාරිකාවට එක්ව සිටී අතර ඔවුන් ජනාධිපති මන්දිරය නැරඹීමෙන් අනතුරුව ජනාධිපති කාර්යාලය වෙත පැමිණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව හමුවීමට අවස්ථාව ඉල්ලා සිටියහ.
කෙතරම් කාර්ය බහුල වුව ද ජනාධිපතිවරයා දරුවන් වෙත පැමිණ ඔවුන් සමඟ සුහද කථා බහකට එක්වෙමින් අධ්‍යාපන කටයුතු පිළිබඳව ද විමසා බැලීය.