නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විවිධ භූමිකාවන් තුළ සුවිශාල ශාසනික සහ සමාජයීය මෙහෙවරක නිරත වූ පුජ්‍ය ගලබොඩ ඥානීස්සර නායක ස්වාමීන් වහන්සේ දුර්ලභ සංඝ පීතෘන්වහන්සේ නමක් - ජනපති.

    අගෝස්තු 06, 2024

    විවිධ භූමිකාවන් තුළ සුවිශාල ශාසනික සහ සමාජයීය මෙහෙවරක නිරත වූ පූජ්‍ය ගලබොඩ ඥානීස්සර නායක ස්වාමීන් වහන්සේ දුර්ලභ සංඝ පීතෘන්වහන්සේ නමක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    කිසිවිටෙක ජාති ආගම් බේද නොතැකූ උන්වහන්සේ මුළු මහත් ජනතාවගේ හිත සුව පිණිස කැප වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා උන්වහන්සේ වෙනුවෙන් සිදු කළ හැකි ඉහළම ගෞරවය වන්නේ ගංගාරම විහාරස්ථානය නම් ධර්ම සහ සමාජ කේන්ද්‍රය ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙන යාම බව ද සඳහන් කළේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අපවත් වී වදාළ කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥානීස්සර නායක හිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවයට එක් වෙමිනි.

    උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පුර්ණ රාජ්‍ය ගෞරව සහිතව ඊයේ (05) පස්වරුවේ එම විහාරස්ථාන භූමියේ දී පැවැත්විණි.

     

      

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya