එහි දී ආසියානු කාන්තා ක්‍රිකට් කිරුල මව්බිමට දිනා දීමට සිදු කල දායකත්වය ඇගයූ නාවික හමුදාධිපති ඔවුන් පිළිවෙලින් කාන්තා සුළු නිලධාරී, කාන්තා නායක නැවි සහ බල කාන්තා නැවි තරාතිරම් දක්වා උසස් කිරීම ද සිදුකෙරිණි.
ඒ අනුව, නාවික හමුදා සාමාජිකාවන් වශයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සඳහා සහභාගී වීම, ජයග්‍රහණ ලබාගැනීම සහ 2024 ආසියානු කාන්තා ක්‍රිකට් ශූරතාවය දිනූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් නාවික හමුදාවට සහ ශ්‍රී ලංකාවට ලබාදුන් විශාල ගෞරවය යන කරුණු සැලකිල්ලට ගනිමින් ඔවුන්ගේ සේවය ඇගයීම මෙලෙස නාවික හමුදාධිපති විසින් සිදුකෙරිණි.
තවද, මෙම අවස්ථාව සඳහා අධ්යක්ෂ ජෙනරාල් සේවා රියර් අද්මිරාල් ප්‍රියල් විතානගේ, නාවික හමුදා ක්‍රිකට් සංචිතයේ ලේකම් කපිතාන් සුරංග පරණවිතාන ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.