නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වග දුම්රිය ස්ථානය අසල සිට වග-පින්නවල-මොරකැලේ දක්වා මාර්ගයේ සංවර්ධන ඇ‍රඹේ

    අගෝස්තු 04, 2024

    ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය මගින්  මාර්ග කිලෝමීටර් 1500ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ කාපට් අතුරා සංවර්ධනය කිරීමට නියමිත වග දුම්රිය ස්ථානය අසල සිට වග පින්නවල මොරකැලේ දක්වා මාර්ගයේ සංවර්ධන කටයුතු ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

    ප්‍රදේශවාසීන් විශාල පිරිසක් දෛනිකව ගමන් ගන්නා මෙම මාර්ගය දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රතිසංස්කරණයකට ලක් නොවීම හේතුවෙන් ගමනාගමනයට ඉතාමත් දුෂ්කර තත්ත්වයකට පත්ව තිබේ.

    ප්‍රදේශයේ මහජන නියෝජිතයින් ඇතුළු ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරන ලද ඉල්ලීමකට අනුව මෙම මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම සඳහා මෙලෙස ඉදිකිරීම් ආරම්භ කෙරිණි .

    මේ අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    "මා මේ රටේ මහා මාර්ග විෂයභාර අමාත්‍යවරයා. මීට පෙර රටේ මහා මාර්ග ඉදිකිරීම් සිදුවුණේ විවිධ කොන්ත්‍රාත්කරුවන් වෙත විශාල වශයෙන් කොන්ත්‍රාත් ලබාදීම තුළින්. මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා මුදල් ඒ ඒ මන්ත්‍රීවරයා වෙත වෙන්කර, ඒ ඒ ආසන සඳහා මුදල් වෙන් කර ලබා දී මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් ඇතුළු නිලධාරීන් වෙත මේ කටයුතු කරගෙන යෑම සඳහා අවස්ථාව ලබා දුන්නා. නමුත් ජනතාව සිදුකරන චෝදනාවලට අනුව ඔවුන්ගෙන් එම වගකීම නිවැරදි ආකාරයෙන් සිදු නොවන බව පෙනී යනවා. ඉදිකිරීම් ආරම්භ කරන ලද මාර්ග ව්‍යාපෘති අවසන් නොකර එය දිගින් දිගට ඇදී යන බවට ජනතාව දිගින් දිගටම පැමිණිලි සිදු කරනවා. එසේ නම් සිදුකළ හැකි වන්නේ මේ තත්ත්වය මත නැවතත් පැරණි ක්‍රමයටම ගමන් කිරීමයි. 

    පැරණි පුරුදු ආකාරයට පුද්ගලික කොන්ත්‍රත්කරුවන් වෙත ඉදිකිරීම් සිදු කිරීමට අවස්ථාව ලබාදීමට සිදුවනවා. අවශ්‍ය අවස්ථාවේ දී අවශ්‍ය තීරණ ගැනීමට සිදුවනවා. එසේ නොවුනහොත් කඩාකප්පල්කාරීන් විසින් කඩාකප්පල්කාරී තත්ත්වයක්‌ ඇති කිරීමට ඉඩ ලබා දීමට හැකියාවක් නැහැ. 

    රට තුළ ඇතිවී ඇති  අලුත් තත්ත්වය මත රාජ්‍ය අංශයේ සාමාජිකයින් හෝ කිසිවෙකු සොරකම් කිරීමෙන් ප්‍රථිඵලයක් ලැබෙන්නේ නැහැ. රාජ්‍ය සේවකයින් පමණක් නොව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්, දරුවන් පවා තම නිවැරදි වත්කම් හෙළිදරව් කළ යුතුයි. නීත්‍යානුකූල නොවන ආකාරයට ඒවා වැඩිවී තිබුණහොත් නීතිය ඉතාමත් දැඩිව ක්‍රියාත්මක වනවා. එම නීතියට යටත් වන්නේ මහජන නියෝජිතයින් පමණක් නොවෙයි. රාජ්‍ය සේවකයින්, පෞද්ගලික අංශයේ සේවකයින් සියලු දෙනාට අල්ලස්, දූෂණ කොමිස්  ලබා ගැනීමට හැකියාවක් නොලැබෙන ආකාරයෙන් නීති රීති සම්පාදනය කර, සම්මත කර තිබෙනවා."

    සීතාවක ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජයන්ත රෝහණ මහතා ඇතුළු හිටපු මහජන නියෝජිතයින්, ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාව සඳහා එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya