ගම්පහ දිස්ත්‍රික්කයේ අපනයනය අභිමුඛ කරගත් කර්මාන්ත අංශය නංවාලීමේ අරමුණින් තෝරාගත් ක්ෂේත්‍ර ආවරණය වන පරිදි අපනයනකරුවන්/ගැණුම්කරුවන් හා නිෂ්පාදකයන් සම්බන්ධිකරණය කිරීමේ විශේෂ වැඩසටහන් මාලාව යටතේ දෙවැනි වැඩසටහන ලෙස ආහාර හා පාන වර්ග ආශ්රිත නිෂ්පාදන සහ අපනයනකරුවන්/ගැණුම්කරුවන් හා නිෂ්පාදකයන්ගේ හමුවක් ගම්පහ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ලලින්ද ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (31) ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
සියනෑ ExPo Forum - 2024 (ගම්පහ අපනයනකරුවන් / ගැණුම්කරුවන් හා නිෂ්පාදකයන්ගේ හමුව) ලෙස නම් කර ඇති මෙම වැඩසටහන ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතාගේ සංකල්පයක් හා උපදෙස් අනුව ක්‍රියාත්මක කරනු ඇත.
මෙම වැඩපිළිවෙළේ අරමුණ වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙහි ආහාර ආශ්රිත නිෂ්පාදනකරුවන්ට තම නිෂ්පාදන ගුණාත්මක තත්ත්වයෙන් යුක්තව සෘජුවම දේශීය හා විදේශීය වෙළඳෙපොල වෙත යොමු කිරීමයි. අපනයනකරුවන්/ගැණුම්කරුවන් හා නිෂ්පාදකයන් 100 වැඩි පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
මෙහිදී සියලුම නිෂ්පාදකයන් විසින් ඔවුන්ගේ නිෂ්පාදන සාම්පල් ප්‍රදර්ශනය කිරීමද සිදු කරන ලදී. එක් එක් නිෂ්පාදනයන්හි තිබෙන ගුණාත්මකභාවය වැඩිදියුණු කර ගැනීම සඳහා කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය, සමෘද්ධි අංශය, විදාතා අංශය, ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය (NEDA), කාර්මික තාක්ෂණ ආයතනය (ITI), අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) යන තාක්ෂණ අංශවල නිලධාරීන් මගින් උපදෙස් ලබා දීම හා එම ආයතන මගින් සපයන පහසුකම් පිළිබඳ තොරතුරු ලබාදීම ද මෙහි දී සිදු කළහ.
මෙම වැඩසටහන දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කොට තිබූ අතර දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතා ඇතුලු අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් විසින් එක් එක් නිෂ්පාදන නිරීක්ෂණය කිරීම හා උපදෙස් ලබා දීම සිදු කරන ලදී.
ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම් /ප්‍රාදේශීය ලේකම් සුරංගා ගුණතිලක, සහකාර දිස්ත්‍රික් ලේකම් නිලන්ති කුමාරි, දිස්ත්‍රික් සමෘද්ධි අධ්යක්ෂ ශානිකා ජයසිංහ, දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂිකා අශෝකා පුෂ්පලතා යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ .