නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවුලපිටිය ළමා පොකුර වැඩසටහනෙන් දරුවන්ට විවිධ ක්‍රියාකාරකම්

    අගෝස්තු 04, 2024

    ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතාගේ සංකල්පයක් හා මගපෙන්වීම අනුව දරුවන් මුහුණ දෙන ගැටලු ප්‍රාථමික අවස්ථාවේදීම හඳුනාගෙන විසඳුම් සපයා ළමා ලෝකයේ සුන්දරත්වය විඳගැනීමට අවැසි පරිසරය සියලු දරුවන්ට ලබා දීමේ අරමුණ ඇතිව ආරම්භ ‍කොට ඇති "ළමා පොකුර " වැඩසටහන් මාලාව යටතේ දිවුලපිටිය ළමා පොකුර වැඩසටහන පසුගිය 27දා දිවුලපිටිය නෙත්මි උත්සව ශාලාවේ දී පැවැත්විණි.

    දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව් .ඩබ්ලිව්.එම්.ඩී.කුමාරි මහත්මියගේ මගපෙන්වීම හා අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ගයනි කෞශල්‍යා විජේසිංහ මහත්මිය එක්ව සිටියාය.
    දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරී වසම් 74ක් ආවරණය වන පරිදි තෝරාගත් දරුවන් 146 දෙනෙකු ඔවුන්ගේ දෙමාපියන් ද සමගින් මෙම වැඩසටහනට සහභාගී වූ අතර ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුලු කාර්ය මණ්ඩලය විසින් එම පිරිස ඉතා උණුසුම් අන්දමින් පිළිගන්නා ලදී.
    සංගීතාත්මක රසාස්වාදන වැඩසටහනක්, චිත්‍ර මගින් චිකිත්සාවක් හා දරුවන්ගේ ක්‍රියාකාරකම්, ක්‍රීඩා හා නර්තනයන්ගෙන් රස මැවුණු සතුටු හෝරා කීප‍යක්, ඊට සමගාමීව දෙමාපියන් දැනුවත් කිරීමක් මෙම වැඩසටහනට අන්තර්ගත වූ අතර සහභාගී වූ සියලු දරුවන් සඳහා වටිනා තිළිණ පිළිගැන්වීම ද සිදුවිය .
    මේ සඳහා අනුග්‍රාහකත්වය සපයන ලද්දේ දිවුලපිටිය නෙත්මි උත්සව ශාලාවේ අධිපති රෝහිත ජයලත්, ජනහිත සමූහ ව්‍යාපාර අධිපති රංජිත් ගුණවර්ධන යන මහත්වරුන් සහ බඩල්ගම සීරියෝ ගාමන්ට් ආයතනය , දිවුලපිටිය ලංකා බැංකුව යන ආයතනයන් විසිනි.
    දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව් .ඩබ්ලිව්.එම්.ඩී.කුමාරි, සහකාර ප්‍රාදේශීය ලේකම් චාමරී සේනාරත්න යන මහත්මීන් ඇතුලු සියලුම මාණ්ඩලික නිලධාරීන්, කාන්තා හා ළමා සංවර්ධන ඒකකයේ නිලධාරීන්, ක්ෂේත්‍ර නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya