තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 230 ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දුවට පහරදීමේදී ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 56 ක් හා දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 67 ක් ලබා ගැනීමට සමත් විය.
පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Axar Patel කඩුලු 2 ක් හා Mohammed Siraj, Arshdeep Singh, Shivam Dube, Kuldeep Yadav හා Washington Sundar එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ඉන්දීය කණ්ඩායම ද පන්දුවාර 48 ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 230 ක් ලබා ගැනීම හේතුවෙන් තරඟය ජය පරාජයෙන් තොරව අවසන් විය. පන්දුවට පහරදීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් රෝහිත් ශර්මා ලකුණු 53ක් සහ Axar Patel ලකුණු 33ක් ලබා ගත්හ.
පන්දු යැවීමේදී ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චරිත් අසලංක හා වනිඳු හසරංග කඩුලු 3 බැඟින් හා දුනිත් වෙල්ලාලගේ කඩුලු 2 ක් බිඳහෙළීමට සමත් විය. පත්තෙන් හා පන්දුවෙන් දස්කම් දැක්වූ දුනිත් වෙල්ලාලගේ තරඟයේ වීරයා බවට පත්විය.