නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොල් හා තැඹිලි වගාවේ ව්‍යාප්ත වන සුදුමැස්සා මර්දනයට පියවර

    අගෝස්තු 02, 2024

    පොල් හා තැඹිලි වගාවේ ව්‍යාප්ත වන සුදුමැස්සා මර්දනය කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

    ඒ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හඳුන්වා දී ඇති එන්කාර්සියා ගවුඩලෝපි (Encarcis Guadeloupae) නැමැති විලෝපිතයා අඩංගු පැකට් ලක්ෂ 03ක් මෙම වසර තුළ බෙදා හැරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය කටයුතු සුදානම් කර ඇත.

    මෙම කරුණු අනාවරණය වූයේ , මෙම වර්ෂය තුළ පොල් වගාව ප්‍රවර්ධනය සඳහා ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘති පිළිබඳව ඊයේ (01) පැවති සාකච්ඡාවේ දී ය.

    පොල් වගාවට සුදුමැස්සාගෙන් සිදුවන හානිය මේ වනවිට ප්‍රදේශ කිහිපයකින්ම වාර්තාවන බවත් බස්නාහිර පළාත හා තවත් ප්‍රදේශ කිහිපයක වර්ෂාව නිසා මෙම හානියේ යම් අවම වීමක් වාර්තාවී ඇති බවත් සුදුමැස්සා වැඩිපුර කහපැහැයට ආකර්ෂණය වීමක් දක්නට ඇති බැවින් පොල් වගාවට වඩා තැඹිලි වගාවට විශාල හානියක් සිදු කරන බවද මෙහිදි කරුණු අනාවරණය විය.

    සුදුමැස්සාගෙන් සිදුවන හානිය නිසා පොල් අස්වැන්නට විශාල බලපෑමක් එල්ල වන අතර මේ වනවිට සුදුමැස්සාගේ හානියට ලක් වූ පොල් හා තැඹිලි ගස් 1,051,323කට මෙම ප්‍රතිකාරය ලබා දී ඇත.

    එමෙන්ම පසුගිය වසරේ පොල් ඵලදාවේ විශාල අඩුවීමක් සිදු වී ඇති බවත් මෙම තත්ත්වය මඟ හරවා ගැනීම සඳහා මේ වනවිට  කොහොඹ තෙල් නිස්සාරණය ඉසීම සඳහා දියර ඉසින යන්ත්‍ර 700ක් හා  පොල් වගාකරුවන් දැනුම්වත් කිරීමේ වැඩ සටහන් 3046ක් පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් පවත්වා ඇත.

    2024 වර්ෂය තුළ පොල් පැළ මිලියන දෙකක් ගොවීන්ට ලබා දීමට සැළසුම් කර ඇති අතර මේ වනවිට වගාකරුවන්ට ඉන් පොල් පැළ ලක්ෂ 08ක් බෙදා අවසන් කර ඇති අතර  තැඹිලි පැළ 11,401ක් ද තැඹිලි බීජ 23,233ක් ද බෙදා දී ඇති බවත් පැළ ලබා ගැනීම සඳහා තවාන් දමා ඇති බව ද පොල් වගා කිරීමේ මණ්ඩලය අවධාරණය කරයි.

    සුදුමැස්සාගෙන් පොල් වගාව ආරක්ෂා කර ගැනීම සදහා හඳුන්වා දී ඇති විලෝපිතයා ගොවීන්ට ලබා දීම හා නිවැරදිව පොල් වගාවේ යෙදවීම පිළිබඳව තවදුරටත් පොල්වගාකරුවන් දැනුම්වත් කිරීමේ වැඩ සටහන් ක්‍රියාත්මක කරන ලෙසද අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොල් වගා කිරීමේ මණ්ඩලයේ අදාළ නිලධාරින්ට උපදෙස් දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya