නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසරේ පළමු මාස 06ට විදේශ ප්‍රේෂණ 11.3%කින් ඉහළට

    අගෝස්තු 01, 2024

    2023 වසරට සාපේක්ෂව 2024 වසරේ මුල් මාස 6 තුළ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය 11.3%කින් ඉහළ ගොස් ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ 2023 වසරේ මුල් මාස හය තුළ ලැබී ඇති අමෙරිකානු ඩොලර් මිලියන 2823ක් වු ප්‍රේෂණ ප්‍රමාණය මෙම වසරේ එම කාලය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 3144 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

    සංචාරක ඉපැයීම් 80%ක් වර්ධනය වී ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 1557ක අගය සටහන් කරමිනි. පසුගිය වසරේ එම අගය දැක් වුණේ මිලියන 875ක් ලෙසිනි. එම කාලය තුළ අපනයන 4.7%කින් ඉහළ ගොස් ඇති අතර ආනයන ද 6.4%කින් වර්ධනය වී ඇත.

    ඒ අතරින් ආයෝජන භාණ්ඩ වර්ධනය 24.7%ක් බවයි අමාත්‍යවරයා පැවසුවේ. රුපියලේ අගය එම කාලය තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 7.1%කින් ඉහළ ගොස් ඇත. ජපාන යෙන් ඒකකට සාපේක්ෂව 15.8%කින්, චීන යුවාන් ඒකකට සාපේක්ෂව 9.3%කින්, පවුමට සාපේක්ෂව 6.2%කින් සහ යූරෝ එකකයට සාපේක්ෂව 9.1%කින් ඉහළ ගොස් ඇති බව අමාත්‍යවරයා වැඩ් දුරටත් සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya