විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා මේ බව පැවසුවේ ආහාර සම්බන්ධව සමාජයේ පවතින දුර්මත යන මැයෙන් ඊයේ (31) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
ග්‍රෑම් 200ක බත් පිඟානක් දිනකට තුන් වේලක් කෑම අගුණ බවද එසේ ආහාරයට ගැනීම මෙරට දියවැඩියාව, අධික රුධිර පීඩනය, ස්ථුලතාවය හා බුද්ධි හීනතාවය ආදියට හේතුපාදක වන බවද ඒ මහතා සඳහන් කළේය.
ආහාරවලට රෝග සුව කිරීමේ හැකියාවක් නොමැති බවද, සමාජ මාධ්‍ය මගින් ඇතැම් රෝග සුව කිරීමේ හැකියාවක් පවතින බවට යම් යම් ආහාර සම්බන්ධව අනවශ්‍ය ප්‍රචාරණයන් සිදුවන බවද සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා පවසනවා.
සාමාන්‍යයෙන් ආහාරයකින් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වන්නේ පෝෂණය, ශරීර ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ශක්තිය හා ලෙඩ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව බවත් පෙන්වාදුන් විශේෂඥ වෛද්‍යවරයා යම් යම් ලෙඩ රෝග සඳහා ඇතැම් ආහාර ගුණ බවට හා ඇතැම් රෝග සුව කිරීමට යම් යම් ආහාර සුදුසු බවට සිදුකරන ප්‍රචාරණයන් අසත්‍ය බවද පෙන්වා දුන්නේය.
එසේ කරනවා නම් ඒ සඳහා විධිමත් සායනික දත්ත ඉදිරිපත් කළ යුතු අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන ආහාර බලධරයාගේ අවසරය ලබාගත යුතුයි. අනවසරයෙන් ප්‍රචාරණය කිරීම නීති විරෝධී වන අතර ඒ සම්බන්ධයෙන් නීතිමය කටයුතු කිරීමේ හැකියාව සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන ආහාර බලධාරියාට පවතින බවද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.