දුම්රිය ආසන වෙන්කිරීමේ වේලාව සංශෝධනය කිරීමට ප්‍රවාහන අමාත්‍යංශයේ දී ප්‍රවාහන ලේකම් ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (29) දුම්රිය දෙපාර්තමේන්තු ඉහළ මාණ්ඩලික නිලධාරීන්ගේ සාකච්ඡාවේ දී එළැඹ තිබේ.
එම සකඡාවේ දී ගත් තීරණයකට අනුව මේ දක්වා සිදු කරමින් පවතින දිනපතා ප.ව. 7.00 ට මොබිටෙල් ප්‍රවේශපත්‍ර පද්ධතිය මඟීන් දින 30 කට පෙර ආසන වෙන් කිරීමේ කටයුතු අගෝස්තු 01 දින සිට 2024.03.14 දිනට පෙර පැවති පරිදි පෙරවරු 10.00 ට සිදු කරන ලෙස සංශෝධනය කරන බව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. එම නිවේදනය මෙසේය.