ජූලි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සේවා දිගුව සමහර අත්‍යවශ්‍ය සේවා සඳහා පමණයි, එය සම්ප්‍රදායක් නොවෙයි- කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන

    ජූනි 12, 2024

    සමහර අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සේවා දිගුවක් ලබාදී ඇති බත්, එය සම්ප්‍රදායක් ලෙස දිගටම සිදුකරන තත්ත්වයක් නොවන බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනූව ඔක්තෝබර් 15 දිනට ප්‍රථම රටට නව ජනාධිපතිවරයෙකු තෝරා පත්කරගත යුතු වන බවද, මැතිවරණයක් සදහා රාජ්‍ය අයවැය ලේඛනයෙන් මුදල් වෙන්කර ඇතැයිද පැවසූ කැබිනට් ප්‍රකාශකවරයා වෙනත් හදිසි නිලධාරීන් පත්කරගෙන මෙතෙක් කරගෙන පැමිණි කටයුතු හදිසියේ අරන් යාමට නොමැති බවද එමනිසා සමහර අත්‍යවශ්‍ය අංශ වල අවුල් ඇතිවීම වැළැක්වීමට පවතින විශේෂිත තත්ත්වයන් යටතේ සේවා දිගුවන් ලබාදීමට කටයුතු කරන බවද පැවසුවේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya