අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමිණි.
වැඩිදුුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,විද්‍යුත් අධිකාරී පනතේ කිසිදු අහිතකර දෙයක් නැති බවයි.එම පනත මගින් සිදු වන්නේ තුන්වන පාර්ශවයන්ට ඇති වන විවිධ අකටයුතුකම්වලදී සහ අසාධාරණකම් වලදී ඒ සඳහා මැදිහත් වීම බවද හෙතෙම පැවසීය.
ගුවන් විදුලිය සහ රූපවාහිනිය යන ආයතන දෙකම ජාතික වශයෙන් ගෙන යන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා, එම ආයතන දෙක ඒකාබද්ධ කර ගැනීම සඳහා විද්වත් කමිටුවක් පත් කර ඇතැයිද කීය. එමගින් මෙම ආයතන වල සම්පත් වඩා හොඳින් කළමනාකරණය කළ හැකි බව හෙතෙම පෙන්වා දුන්නේය.
තවද රූපවාහිනිය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළද එළඹෙන වර්ෂයේ සිට ආරම්භ කරන බවද ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවසීය.
රාජ්‍ය මාධ්‍ය ආයතන වල අලාභයන් මෙම වසරේ අඩු කර ගැනීමට හැකි වූ බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ජාතික රූපවාහිනියේ පසුගිය වසරේ අලාභය රුපියල් මිලියන 541 වූ අලාභය මෙම වසරේ රුපියල් මිලියන 274 දක්වා අඩු කර තිබෙනවා. ස්වාධීන රූපවාහිනී සේවයේ රුපියල් මිලියන 361ක් වූ අලාභය රුපියල් මිලියන 189 දක්වා අඩු කර තිබෙනවා. ගුවන් විදුලි සංස්ථාවේ පසුගිය වසරේ අලාභය රුපියල් මිලියන 236යි. එය මෙම වසරේ රුපියල් මිලියන 147 දක්වා අඩුකර ගෙන තිබෙනවා. ලේක් හවුස් ආයතනයේ පසුගිය වසෙර් අලාභය රුපියල් මිලියන198 ක්. එය මෙම වසරේදී මිලියන 66ක ලාබයක් බවට පත් කරගෙන තිබෙනවා.
මෙම ආයතන දීර්ග කාළීනව අලාභ විඳපු ආයතන. එම ආයතන ඉතා අමාරුවෙන් කළමනාකරණය කර තිබෙනවා. මෙම ආයතනයන්හි සේවය කරන නිලධාරින් සඳහා ස්වයං විශ්‍රාම ගැන්වී ක්‍රමය ක්‍රියාත්මක බවත්, ඒ අනුව මෙම රාජ්‍ය මාධ්‍ය ආයතන ලබන වසරේදී ලාභ ලබන ආයතන බවට පත් කර ගැකි වනු ඇතැයිද කීය. අබාධිත තැනැත්න්ට සහ පොත් පත් සඳහා බදු අයකිරීම සම්බන්දයෙන්ද තමා මැදිහත් වන බවද හෙතෙම පැවසීය