ඒ අනුව අද දින එම ස්වාධීන පරීක්ෂණය සඳහා විනිශ්චකාරවයෙකුගෙන් යුතු කමිටුව පත් කරන බවද කීය. එම ලබා දෙන නිර්දේශ මත චීන පොහොර නැව සම්බන්ධයෙන් ඉදිරික්‍රියාමාර්ග ගන්නා බවද හෙතම පැවසීය.
චීන පොහොර ගෙන්වීම හේතුවෙන් ඩොලර් මිලියන 6.7ක පාඩුවක් සිදු වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක් වූ කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවේ;
චීන පොහොර නැව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මේ වන විට පර්යේෂණයක් සිදු වෙනවා. අල්ලස් හා දූෂණ කොමිසමෙන්ද පර්ෂෙණයක් සිදු කරනවා.කොප් කමිටු නිර්දේශයන්ට අනුව නිලධාරින් කිහිප දෙනෙක් මෙයට වග කිව යුතු බව සඳහන් කර තිබෙනවා. අවශ්‍ය නම් එම නිලධාරින්ගේ නාමලේඛනයක් මෙම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකියි. මෙම නිලධාරින් තවදුරටත් කෘෂි කර්ම අමාත්‍යංශයේ නැහැ. මගේ අමාත්‍යංශයේ නොවන නිලධාරියෙක්ට විරුද්ධව මට ක්‍රියාමාර්ග ගන්න බැහැ. එම නිසා එම නිලධාරින්ට විරුද්ධව මට ක්‍රියා කරන්න බැහැ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇතැම් නිලධාරින් විශ්‍රාම ගොස් සිටිනවා.
චීන පොහොර නැව සම්බන්ධයෙන් පරීක්ෂණ කිහියපක් සිදු වෙනවා.වඩාත් විනිවිධ භාවයෙන් සිදු කරන්න ඕන නිසා අධිකරණ අමාත්‍යවරයාගෙන් වින්ශචකාරවරයෙක් පත් කරන ලෙස ලිඛිත ඉල්ලීමක් සිදු කළා.වැරැද්දක් වෙලා තිබෙනවා නම් ඔවුුන්ට දඩුවම් දෙන්න තමයි මටත් ඕන