විදේශ කටයුතු අමාත්‍යාංශය සහ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයන්හි වැය ශීර්ෂ පිළිබඳ විවාදයට අද (07) එක්වෙමින් විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව පැවසීය.
නව ප්‍රතිසංස්කරණය කටයුත්තේදී එකිනෙකට වෙනස් අදහස් තිබෙන මෙම රටවල් සියල්ල ඉතාම හොඳින් කළමනාකරණය කර ගත් නිසා IMF පළමු ණය වාරිකය ඉතා ඉක්මනින් ලබා ගැනීමට හැකි වූ බව හෙතෙම පැවසීය. මේ වන විට ශ්‍රී ලංකාව, ජපානය ,චීනය, ඉන්දියාව සහ මැද පෙරදිග රටවල් සමග ඉතා හොඳ සම්බන්ධතාවයක් ගොඩ නගාගෙන ගෙන තිබේ.මෙය විශාල ජයග්‍රහණයක් බවද හෙතෙම පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ,
අපිට තිබු අභියෝග කළමනාකරණය කර ගනිමින් ඉතාම, කෙටි කාලයකදී මෙම ජයග්‍රහණ ලබා ගැනීමට හැකි වුණා. ප්‍රංශය සහ ජර්මනිය වැනි රටවලට මෙරටින් රාජ්‍ය නායකයෙක් ගියේ පළමු වතාවට. ප්‍රථම වතාවට ප්‍රංශ ජනාධිපතිවරයා මෙරටට ආවා.අපි සියළු දෙනාටම මිත්‍රත්වයේ දෑත දිගු කරනවා. ලෝකයේ පුරාම සිටින ඉහළ ජනාධිපතිවරුන්ට කතා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හැකි වී තිබෙනවා. සියළුම රටවල් වල සහයෝගය ලබා ගෙන ස්වාධීන රටක් ලෙස නැගිටින්න අපට හැකි වී තිබෙනවා. එමෙන්ම අපේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඉක්මනින් සිදු කරන්න හැකි වී තිබෙනවා.
ඊශ්‍රායල පලස්තීන යුද්ධයේදී පක්ෂපාතිත්වයෙන් තොරව කටයුතු කරන බවද අමාත්‍යවරයා කීය. ශ්‍රි ලංකාව සෑම විටම මැදිහත්ව මේ සඳහා පෙනී සිට ඇතැයිද කීය.
මෙරට සංචාරක ව්‍යාපාරය නගා සිටුවීමට විදේශ කටයුතු අමාත්‍යංශය මැදිහත් වූ බව හෙතෙම පෙන්වා දුන්නේය. පසුගිය මාස කිහිපයේ සියළුම රටවල් වල විදේශ නායකයින් කැඳවමින් මෙම රටේ තත්වය පෙන්වා දුන්නා. ඒ අනුව විවිධ රටවල් සමග සාකච්ඡා කර ලංකාවත් සමග ගනුදෙනු නොකළ එයා ලයින්ස් පවා මෙරටට ගෙන්වා ගැනීමට හැකි වුණා. පසුගිය වසරේ මෙරටට පැමිණියේ සංචාරකයින් 719,000ක් පමණයි. නමුත් මෙම වසරේ මිලියන 1.5ක සංචාරකයින් ප්‍රමාණයක් මෙරටට පැමිණ තිබෙනවා. පසුගිය වසරේ , විදේශ රැකියා සඳහා මෙරටින් ශ්රමිකියින් 314, 000 ගිහින් තිබෙනවා. මෙම වසරේ මේ වන විට ශ්‍රමිකයින් 275, 000 ක් විදේශ රැකියා සඳහා ගිහින් තිබෙනවා.
විදේශ සේවය ශක්තිමත් කරමින් සෑම වසරකම ඒ සඳහා නිලධාරින් බඳවා ගත යුතු බවද අමාත්‍යවරයා කීය. මේ වන විටත් සීමා සහිත නිලධාරින් පිරිසක් සමග එම කටයුතු සිදු කරන බවද හෙතෙම පෙන්වා දුන්නේය. විදෙස් රටවල පිහිටි තානාපති කාර්යාල 55 හි, නිලධාරින් 164 පමණක් සේවය කරන බවත් එම පිරිස ප්‍රමාණවත් නොවන බවද හෙතෙම පෙන්වා දුන්නේය.
පසුගිය ජූනි මාසයේ සිට තානාපතිවරු පත් කිරීම සඳහා අනුමැතිය ලැබිලා තිබෙනවා. එයින් සියයට 65ක්ම SLAS නිලධාරින්. වසර ගණනාවකට පසු බඳවා ගත් හොඳම නිලධාරින් පිරිස.
මේ වන විට විදේශ කටයුතු අමාත්‍යංශයේ සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාවට, පෝලිම් අවසන් කර ඇති බවත්, ඩිජිටල් ක්‍රමයට බොහෝ කටයුතු සිදු කෙරෙන බවද කීය.විදෙස් රටවල් සඳහා යාමේදී අවශ්‍ය වන විභාග සහතික පත් අනුමත කිරීමද, ඔන්ලයින් ක්‍රමයට සිදු කෙරේ. විදෙස් ගමන් බලපත්‍ර සඳහා අයදුම් කිරීමේදී, ඒ සඳහා මාස තුන හතර ගත වෙන බවත් එම ක්රියාවලියද ඉදිරියේදී ඩිජිටල්කරණය කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා කීය.එවිට සති දෙකක් තුනක් අතර කාලයකදි එම ගමන් බලපත්‍ර ලබා ගැනීමට හැකි බවද සඳහන් කළේය.
ශ්‍රි ලංකාව සෑම විටම නොබෙඳි විදෙස් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත්, සිංහල ද්‍රවිඩ මුස්ලිම් ඕනෑම ජන කොටසකට නිදහසේ ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීම රජයේ වගකීමක් බවද විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසීය.
සෛවරිත්වය පාවා දීල ඔවුන්ට අවශ්‍ය විදියට රට මෙහෙය වන්නේ නැහැ. ඒකීය ශ්‍රී ලංකාවක් තුළ තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි ජීවත් වීමට ඉඩ සැලසීම රජයේ වගකීමක්. අපි අපේ රටේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගන්න සෑම විටම කටයුතු කරනවා.