ඊයේ සංචාරක අමාත්‍යංශයේ සහ ඉඩම් අමාත්‍යංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමින් සංචාරක අමාත්‍යවරයා මේ බව පැවසීය. 2025 අවසානයේ සංචාරකයින් මිලියන 04ක් මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂිත බව ද කිය.
මෙම වසරේ මේ වෙන විටත් සංචාරකයින් මිලියන 1.3ක් මෙරටට පැමිණ ඇතැයිද හෙතෙම පැවසීය.එළඹෙන 10 වෙනිදා තවත් සංචාරක නැව් 03ක් පැමිණීමට නියමිත බවත් සංචාරක අමාත්‍යවරයා පැවසීය. එම නැව් 03න් පමණක් සංචාරකයින් 5000ක් පැමිණීමට නියමිත බවද කිය. මේ වන විට දිනකට 6000 කට ආසන්න සංචාරකයින් පිරිසක් ලංකාවට පැමිණෙන බවද කීය.
සංචාරක ක්ෂේත්‍රය ඉතාම සතුටු වෙන්න පුළුවන් ඉලක්ක වලට ගිය ක්ෂේත්‍රයක්. 2022 වසරේ මෙරටට සංචාරකයින් පැමිණියේ 700,000ක් පමණයි. දැන් එම ප්‍රමාණය වැඩි වී තිබෙනවා. මෙරටට පැමිණෙන සංචාරකයින්ගෙන් 33%ක්ම නැවත නැවත පැමිණෙන සංචාරකයින්. පසුගිය සඳුදා නව සංචරක ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කළා. වසර 15කට පස්සේ තමයි ලෝකය වටේ මෙවැනි ඩිජිටල් කැම්පේන් එකක් ආරම්භ කළේ.
එළඹෙන පෙබරවාරි 04 දින උරුමය වැඩසටහන යටතේ මිලියන 02ක් වූ ජනතාවට සින්නක්කර ඔප්පු ලබා දීමේ වැඩසටහ ආරම්භ කරන බවද කීය. නව මිනින්දෝරුවන් 134ක් බඳවා ගැනීමට කටයුතු කරන බවද කීය.