නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "මිජවුම්" චණ්ඩ සුළි කුණාටුවේ බලපෑම ක්‍රමයෙන් අඩු වෙයි

    දෙසැම්බර් 06, 2023

    දිවයිනේ කාලගුණය කෙරෙහි "මිජවුම්" චණ්ඩ සුළි කුණාටුවේ බලපෑම ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “මිජවුම්” චණ්ඩ සුළි කුණාටුව, දෙසැම්බර් 05 දින පැය 0830 වන විට උතුරු අක්ෂාංශ 15.2° සහ නැගෙනහිර දේශාංශ 80.3° ආසන්න ප්‍රදේශයේ, යාපනයේ සිට කි.මි. 615 ක් පමණ උතුරු දෙසින් පැවතුනි. මෙම පද්ධතිය උතුරු දෙසට ගමන් කර අද, දෙසැම්බර් 05 දින පැය 1430 වන විට දකුණු අන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළුවනු ඇතැයි බලාපොරොත්තුවේ.

    බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල වැසි වාර කිහිපයක් ඇති විය හැක.

    සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී මීදුම සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya