කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
කාන්තාවන්ට සෑම විටම සම තැන ලැබිය යුතු බවත් ත්‍රිවිධ හමුදාවෙන් මෙය ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළින්ද මේ බව තහවුරු කර ඇතැයි හෙතෙම පෙන්වා දුන්නේය. ඉතිහාසයේ ප්‍රථම වතාවටනාවික හමුදාව තුළ කාන්තා නැවියන්ට අවස්ථාව ලබා දුන් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා යුධ හමුදාව තුළද කාන්තා බල ඇණි යාවත් කාලීන කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍යවරයා කීය. මේ වන විට කාන්තාවන් සඳහා යුධ හමුදාව තුළ දැරිය හැකි උසස්ම තනතුර වන්නේ මේජර් තනතුරයි. ඔවුන්ගේ විශ්‍රාමික වයස වන්නේ වයස අවුරුදු 45 වේ. ඒ් අනුව ඉදිරියේදී කාන්තා නිලධාරින්ට හමුදාවේ උසස්ම තනතුරු දක්වා යාමට හැකි වන පරිදි නීති වෙනස් කරන බව හෙතෙම පැවසීය.ගුවන් සහ නාවික හමුදාවට මෙම අවස්ථා ලබා දෙන බවද කීය.
පසුගිය ඔක්තොම්බර් මාසයේ පමණක් වයස අවුරුදු 16ට අඩු දැරිවියන් 131 දෙනෙකු දූෂණය වී ඇතැයි මාධ්‍ය වාර්තා කළ බවත් ඒය ඉතාමත් ශෝචනීය තත්වයක් බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ඒම දැරියන්ගෙන් 10 දෙනෙකු මේ වන විටත් ගැබ් අරගෙන ඇතැයිද වාර්තා වී තිබේ. පසුගියදා උතුරරේ මහවිරු සැමරුම සැමරුවා. ඒම සැමරුමේදී දරුවන් උපයෝගී කරගෙන ඔවුන් ත්‍රස්තවාදීන්ට වගේ ඇඳුම් අන්දලා. මේ දරුවන්ගේ කරට සයනයිඩ් කරලක් එල්ලලා. මෙය නොවිය යුතු කරුණක්. ඒ් පිළිබඳව අප කණගාටු වෙනවා.
ශ්‍රී මහා බෝධිය වැඩම කරන්නේ සංඝමිත්තා තෙරණිය. නමුත් අවාසනාවකට කාන්තාවකට උඩමළුවට යන්න බැහැ.ඉතිහාසයේ කවරදාවත් කාන්තා දිසාපතිවරියක් අනුරාධපුරෙන් පත් වෙලා නැහැ. දන්ත ධාතුව රැගෙන එන්නේ කාන්තාවක්.පත්තිනි අම්මා කාන්තාවක්. නමුත් දේවාලයට කාන්තාවකට යන්න බැහැ. අපි මෙම ගතානුගතික ක්‍රම වලින් බැහැර වෙන්න අවශ්‍යයි යනුවෙන්ද අමාත්‍යවරයා පැවසීය.
කම්කරු රැකියාවලදි සහ ගොවි බිමි වලදී ද කාන්තාවට සම තැන් ලැබිය යුතු බවද ඒ් සඳහා ද නීති සහ අනපනත් වෙනස් විය යුතු බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.