ක්‍රිඩා අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳව විවාදයේදී ආණ්ඩු පක්ෂයෙන් විවාදය ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
එම දීර්ග කාලීන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කැබනට් අනු කමිටුව වශයෙන් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන බවද අමාත්‍යවරයා පැවසීය. ICCය සමග සාකච්ඡා කරමින් ක්‍රිකට් තහනම හැකි ඉක්මනින් ඉවත් කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදු කරන බවද අමාත්‍යවරයා කීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යස්ථාවක් කෙටුම්පත් කිරීම වෙනුවෙන් පත් කළ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිවුවේ වාර්තාවේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් නව යෝජනා රාශියක් ඇතුළත් වී ඇතැයි හෙතෙම පෙන්වා දුන්නේය.
ක්‍රීඩාව ඉස්සරහට ගෙන යාම සම්බන්ධයෙන් අපි මෙහිදී සාකච්ඡා කළා. ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නේ සමස්ථ ජනතාවට අයිති ක්‍රිඩාවක් . මෙහි මුදල් මේ රටේ සෑම ජනතාවකටම අයිති වෙනවා. ක්‍රිකට් විතරක් නොවේ බොහෝ ක්‍රිඩා එක් එක් කණ්ඩායම් පාලනය කර ගත් බව හඳුනා ගත්තා. 2020ට අපේ ක්‍රිකට් ජයග්‍රහණය කිරීම වර්ධනය වී තිබෙනවා. නමුත් ක්‍රිකට් හොඳ වෙන වෙලාවට ක්‍රිකට් පාලක මණ්ඩලය හොඳ වෙන්න බැහැ. ක්‍රිකට් කියන්නේ සේල්ලමක් . නමුත් දැන් මෙය සෙල්ලමකට එහා ගිහින් තිබෙනවා. විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී, ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් පමණක් පැය 270ක් කතා කර තිබුණා