කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග එම නියෝජිත පිරිස පසුගියදා වැවිලි කර්මාන්තයේ දී පැවති සාකච්ඡාවේදී මේ පිළිබඳව සඳහන් කර තිබේ.
කෘෂිකර්ම විෂය පමණක් නොව වැවිලි බෝග සම්බන්ධ විෂය හදාරණ සිසුන් සඳහා ද මෙම සීමාවාසික පුහුණුව ලබා දෙන ලෙස අමාත්‍යවරයා එහිදී ඉල්ලීමක් කළේය.
මෙම සීමාවාසික පුහුණුව ලබන කාලය තුළ මාසිකව යෙන් 146,960ක් එනම් ශ්‍රී ලංකා රුපියල් 328,341ක දීමනාවක් ලබා දීමට නියමිත අතර පුහුණු කාලය වසරක් වේ. මෙම කාලය තුළ ඉහත දීමනාව ලබා දෙන අතරම ආහාරපාන හා නේවාසික පහසුකම් මෙන්ම ගුවන් බලපත්‍ර නොමිලයේ ලබා දීමට ද තීරණය කර තිබේ.
මීට අමතරව ජපන් භාෂාව පිළිබඳ උසස් පුහුණුවක් ලබා දීම හා ජපානයේ ගොවිපොළවල උසස් තාක්ෂණික පුහුණුවක් ද ලබා දීමට කටයුතු කරන බව නියෝජිත පිරිස එහිදි සඳහන් කර ඇත.
මෙම වැඩපිළිවෙල යටතේ ජපානයේ Bogor Agriculture University (National), Yogiyakarta University (National), Severas Mallet University (National) යන උසස් අධ්‍යාපන ආයතන තුන තුළ මෙම සීමාවාසික පුහුණුව ලබා දීමට කටයුතු යොදා තිබේ.
මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම ප්‍රමාණය වාර්ෂිකව 100ක් දක්වා වැඩි කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලීමක් කළේය. එමෙන්ම කෘෂිකර්ම විෂයට පමණක් නොව ජපානයේ වැවිලි කර්මාන්තය ආශ්‍රිතව ඉහළ තාක්ෂණය භාවිතා කරන බැවින් ඒ සඳහා ද මෙරට සිසුන් පුහුණු කිරීමට අවස්ථාව සළසා දෙන ලෙස පවසා ඇත.
මෙම සාකච්ඡාවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජනක ධර්මකීර්ති, Asian Human Resource Bank හි නියෝජිත Kikuchi Fumia සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය පද්මලාල් මානගේ යන මහත්වරුන් සහභාගි විය.