නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශේෂ අවශ්‍යතා සහිත දරුවන් 200 දෙනෙක් අද පාර්ලිමේන්තුව දැක ගැනීමට පැමිණෙයි

    දෙසැම්බර් 04, 2023

    විශේෂ අවශ්‍යතා සහිත දරුවන් 200 දෙනෙක් අද පාර්ලිමේන්තුව දැක ගැනීමට පැමිණ ඇති බවත්,මෙය ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදු වූ සිදුවීමක් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද(04) නිවේදනය කළේය.

    ජාත්‍යන්තර අබාධ සහිත තැනැත්තන්ගේ දිනය වෙනුවෙන් , පාර්ලිමේන්තුවේ අබාධ සහිත තැනැත්තන්ගේ සංසදය විසින් මෙය සංවිධානය කර තිබේ.
    මෙම දරුවන් පාසල් කිහිපයක් නියෝජනය කරන එම දූ පුතුන් සතුටින් පිළිගන්නා බව, පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී කථානායකවරයා නිවේදනය කළේය.

    මෙම අවස්ථාවේ නැගී සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද, එම දරුවන් පිළිගනු ලැබීය. 2007 වසරේ සිට විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් අණ පනත් ඉදිරිපත් කළ ද එම අණපනත් ක්‍රියාත්මක වී නැතැයිද පෙන්වා දුන්නේය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya