නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධිකරණය තිබෙන්නේ මේ රටේ ජනතාව වෙනුවෙන්- අධිකරණ අමාත්‍ය

    දෙසැම්බර් 03, 2023

    අධිකරණය තිබෙන්නේ මේ රටේ ජනතාව වෙනුවෙන් බවත්, ජනතාවගේ සේවා ඉටු කිරීම සඳහා විනිසුරුවරුන් සිටින බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාපක්ෂ මහතා (20) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

    අධිකරණ අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් අධිකරණ අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මෙම වසරේ ජූනි මාසය අවසන් වන විට උසාවි වල ගොඩ ගැසී තිබූ නඩු ප්‍රමාණය 11,04458ක් බව අමාත්‍යවරයා කීය.ශ්‍රේෂ්ඨාධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය ,සහ දිසා අධිකරණ වල මෙම නඩු ගොඩ ගැසී තිබේ.දිවයින පුරා සිටින විනිසුරුවරුන් 429 දෙනෙක් මුළු රටේම තිබෙන මෙම නඩු විසඳීම සිදු කරන බව අධිකරණ අමාත්‍යවරයා පැවසීය.20 වන සංශෝධනයෙන් අපි විනිසුරුවරුන් ප්‍රමාණය වැඩි කළා. නමුත් විනිසුරුවරුන් වැඩි කළ ප්‍රමාණයට සාපේක්ෂව නඩු කටයුතු අවසන් වී නැහැ යනුවෙන් අමාත්‍යවරයා පැවසීය.

    නීතිපති දෙපාර්තමෙන්තුවේ මේ වන විට සිවිල් නඩු 14,116ක් ඇති බවත් නිලධාරීන් සුළු කණ්ඩායමක් සමග විශාල කටයුත්තක් සිදු කිරීමට සිදුව ඇතැයිද කීය. 2023 ඔක්තොම්බර් මස අවසන් වන විට විෂ මත් ද්‍රව්‍ය සාම්පල් 10,198ක් මෙරටට ලැබී ඇති බවද කීය

    බන්ධනාගාරය අපිට විශාල හිසරදයක් වී තිබෙනවා. ඔරොත්තු දෙන් නැති 27,000ක් පමණ පිරිස එතන ඉන්නවා.ඔවුන් වැඩි පිරිසක් සැක කාරයෝ. රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු කාර්යක්ෂම වුනොත් මෙම නඩු බොහොමයක් විසඳන්න පුළුවන්.

    රිමාන්ඩ් බන්ධනාගාර වී සිටින පුද්ගලයන්ගේන් 63.3% ක්ම මත්ද්‍රව්‍යය සම්බන්ධයෙන් බන්ධනාගාර ගත් වූ පුද්ගලයින්.

    හිරගෙදර වයස අය , දුර්වල අය ඉන්නවා. ඒ වෙනුවෙන් බන්ධනාගාර රෙගුලාසි පවා වෙනස් කළා. වයස් ගත අය ගැන ස්වාධීන පරීක්ෂණයක් කරලා එවැනි පුද්ගලයන් ගැන පරීක්ෂණයක් සිදු කර ඔවුන් නිදහස් කරන්න කිව්වා.එවැනි වයස් ගත සහ ලෙඩ වූ පුද්ගලයින 500ට වැඩිය වැලිකඩ ඉන්නවා.

    අධිකරණ ක්ෂේත්‍රෙය් තවමත් ඉන්නේ වහල් මානසිකත්වයෙන් යුතු කණ්ඩායමක්. විනිසුරුවරයාගේ සිට කම්කරුවා දක්වා. මෙම ක්‍රමය වෙනස් විය යුතු බව අමාත්‍යවරයා පැවසීය

     

    අධිකරණ ක්‍රියාවලිය ශක්තමත් කරන්න නව අධිකරණ සංකීර්ණ තුනක් මේ වන විට ආරම්භ කර තිබෙනවා. තවත් අධිකරණයක් ලබන මස ආරම්භ කරනවා.2015 උපධිමාධිකරණ සංකීර්ණයේ වැඩ ආරම්භ කළ බවද අමාත්‍යවරයා කීය.

    පසුගිය වසර තුළ පාර්ලිමේන්තුවේ යුක්තිය පසඳලීමේ අනපනත් 30ක් සම්මත කරගෙන ඇති බව අධිකරණ අමාත්‍යවරයා කීය. පාස්කු ඉරිදා පිළිබඳ සාක්ෂියක් ගෙනත් දුන්නොත් ඕන ජගතෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට තමා සූදානම් බවද හෙතෙම පැවසීය

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya