එම නිර්දේශයට පක්ෂව ඡන්ද 57 ක් සහ විපක්ෂව එක් ඡන්දයක් ලැබුණු අතර මන්ත්‍රීවරුන් තිදෙනෙක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකිණ. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය.
අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක සහ පුත්තලම දිස්ත්‍රික මන්ත්‍රී මායාදුන්න චින්තක අමල් මහත්වරු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ.
සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරු ඡන්දය විමසන අවස්ථාවේ සභාවෙන් පිටව ගියහ.