සමඟි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රිනී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
දෙසැම්බර් මස අවසන් වන විට පළාත් අධ්‍යාපන ඇමැතිවරු, අධ්‍යක්වරුන් ඇතුළු නිලධාරීන් ද, වෘත්තීය සමිති ද එක්කර දින දෙකක වැඩමුළුවක් පවත්වා අධ්‍යාපන පරිපාලනයේ පවතින ගැටලුවලට විසඳුම් සෙවීමට පියවර ගන්නා බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ අතුරු තහනම් නියෝගය නිසා උපාධිධාරී ගුරුවරුන් 25,000 ක් බඳවා ගැනීම මාස 9 ක් තිස්සේ ප්‍රමාදව පවතින බව ද ඇමැතිවරයා පැවසුවේය.
නිවාඩු කාලය අවසන් වීමට පෙර පුරප්පාඩු සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන බවත් අනාදිමත් කාලයක සිට පළාත් මට්ටමින් පවතින ගුරු තුලනයට විසඳුමක් ලබාදීමට පියවර ගන්නා බවත් ඇමැතිවරයා කීය.
එකම කලාපය තුළ ගුරු තුලනයක් පැවතීම කනගාටුදායක බවත් කොළඹ දිස්ත්‍රික්කය ගත් විට උතුරු කොළඹ තුළ ගුරු අතිරික්තයක් පවතින අතර දකුණු කොළඹ තුළ ගුරු හිඟයක් පවතින බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.