නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වාහන විමෝචන පරීක්ෂණ සහතික නිකුත් කිරීම තවත් ආයතන වෙත ලබාදීම කෙරෙහි අවධානය

    දෙසැම්බර් 02, 2023

    පාරිභෝගිකයන්ට දැරිය හැකි මිලට හිඟයකින් තොරව අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ලබා දීමට පාරිභෝගික අධිකාරිය කටයුතු කරන බව, වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ඊයේ(02) පාර්ලිමේන්තුවේදි පැවසීය.

    ඊයේ වෙළෙඳ අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. ඒ අනුව ඉදිරියේදි ඉදිරි වර්ෂ සඳහා අවශ්‍ය භාණ්ඩ ප්‍රමාණයන් පිළිබඳව නිවැරදි පුරෝකතනයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම කීය.

    කරුංගා අපනයනයේදි ඇති වූ ගැටළු විසඳීමට කටයුතු කළ බවත් , මේ වන විට මෙට්ට්‍රික් ටොන් 10,000ක් පමණ කරුංගා අපනයනය කර ඇතැයිද කීය.කඩා වැටුණු කරුංගා කර්මාන්තය නගා සිටුවීමෙන් විශාල මුදලක් ලබා ගැනීමට හැකි වූ බවද කීය.

    වෙළෙඳ පොළ මිල ඉහළ යන විට එය කළමනාකරණය කිරීමට පාරිභොගික අධිකාරිය සෑම විටම කටයුතු කරනවා. තොග හිග වීම නිසා මිල ඉහළ යාම කණගාටු දායක තත්වයක්. ඒ අනුව ඉදිරියේදි ඉදිරි වර්ෂ සඳහා අවශ්‍ය භාණ්ඩ ප්‍රමාණයන් පිළිබඳව නිවැරදි පුරෝකතනයක් නොවීම නිසා මෙවැනි මිළ ඉහල යාම සිදු වන බවත්

    ඉදිරියේදී ඒ ඒ ආයතන වලින් නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන පාරිභෝගික භාණ්ඩ ප්‍රමාණයන් දැනගෙන,කොච්චර ප්‍රමාණයක් හිග වෙයිද කියල පුරෝකථනයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවද කීය.තොග හිග වීම තුළ භාණ්ඩ ආනයනය කිරීමට සිදු වෙනවා. මෙලෙස භාණ්ඩ ආනයනය කිරීම නිසා වැඩි මිලට භාණ්ඩ විකිණීමට සිදු වෙනවා.

    වාහන විමෝචන පරීක්ෂණ සහතික නිකුත් කිරීම ලංකා ගමනාගමන මණ්ඩලයටත් ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයිද අමාතයවරයා පැවසීය.

    “වාහන විමෝචන පරීක්ෂණ සහතික නිකුත් කිරීම සහ එම සහතික ලබා ගැනීමට අනිවාර්ය කර ඇති අතර ඒ සඳහා සහතික නිකුත් කිරීම පෞද්ගලික සමාගම් දෙකකට පමණක් සීමා කර තියෙනවා.

    2008 වර්ෂයේ සිට ආරම්භ කර 2013 වර්ෂය වන විට වායු විමෝචන මධ්‍යස්ථාන දිවයින පුරා ව්‍යාප්ත කිරීමට කටයුතු කර තිබෙන අතර මෙමගින් පාරිභෝගිකයින්ගෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගෙන සහතික නිකුත් කිරීමේ වැඩපිළිවෙළ පුළුල් කිරීමටත් වෙනස් වූ සමාගම්වලට ද එම අවස්ථාව ලබා දීම සුදුසු බවටත් ලංකා ගමනාගමන මණ්ඩලය වැනි රාජ්‍ය ආයතනවලට ද වායු විමෝචන මධ්‍යස්ථාන පවත්වාගෙන යාම සුදුසු බවත් යෝජනා කරමින් මා විසින් අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු කර තිබෙනවා.

    අපි මේකෙදි විශේෂයෙන් බලන්න ඕනෙ දුම් පරීක්ෂා කිරීම සඳහා භාවිතා කරන ඒ ආයතන දෙක කෙරෙහි විශාල වශයෙන් මහජන පැමිණිලි තියෙනවා.ඒ සම්බන්ධව ඇත්තටම රජය බලාපොරොත්තු වෙන්නෙ මේ රටේ පරිසරය ආරක්ෂා කරන්නත් රජයට ආදායමක් ලබා ගන්නත්.හැබැයි මේ වෙන කොට ඒ සමාගම් දෙකෙන් ලබා සේවාව නිසා ඒ කිසිම දෙයක් සිදු වෙන්නෙ නෑ. රජයට විශාල වශයෙන් මහා පරිමාණයේ පාඩුවක් වෙනවා. ඒ අයට ලබා දෙන මුදල 10%යි රජයට ලැබෙන්නෙ.90%ක් එම සමාගම් ලබා ගන්නවා.

    ඒ වගේම ඒ පරීක්ෂණ කරන යන්ත්‍රවල කිසිම සත්‍යභාවයක් තොරව ලබා දෙන අවස්ථා විශාල වශයෙන් තිබෙන නිසා මම විශේෂයෙන්ම මේ සම්බන්ධව කැබිනට් මණ්ඩලයට ඉල්ලීමක් කරලා මේ සම්බන්ධයෙන් විශාල වශයෙන් තියෙන පැමිණිලිවලට විසඳුමක් ලබා දෙන වැඩපිළිවෙළක් ගැන මම අවධානය යොමු කළා.

    ඒ නිසා අපි ඉදිරියේ දී මේක නැවතත් ටෙන්ඩර් කරලා ඒ සම්බන්ධව වෙනත් ආයතනවලටත් මෙම අවස්ථාව ලබා දීමට කටයුතු කරනවා”

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya