ඔහු මේ බව කියා සිටියේ අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
විෂය භාර රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතා විශ්ව විද්‍යාල උපාධිධරයෙකු මෙන්ම රටට සහ තම විෂයට සහ පාරම්පරික වෙදහෙදකමට ආදරය කරන ගැමි සංස්කෘතික උරුමයක් ඇති කෙනෙකු බව සිහිපත් කළ කැබිනට් ප්‍රකාශකවරයා වීජමූ ලොකුබණ්ඩාර හිටපු අමාත්‍යවරයාගෙන් පසු සිසිර ජයකොඩි අමාත්‍යතුමා පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ඔසවා තැබීමට විශාල උත්සාහයක් දරන බවද සඳහන් කළේය.
මෑතකදී ජනාධිපතිතුමන් කැඳවා පාරම්පරික වෛද්‍යවරුන් ඇගයීමට සම්මාන උළෙලක් ද පැවැත්වූ බව සිහිපත් කළ ජනමාධ්‍ය අමාත්‍යවරයා, නොසලකා හැර ඇති පාරම්පරික වෛද්‍යවරුන්ට ජනාධිපතිතුමන් ලවා සම්මාන ලබාදීමට සම්මාන උළෙලක් සංවිධානය කිරීමේ නිර්ව්‍යාජ අදහස පාරම්පරික වෛද්‍ය ක්‍රමය ශක්තිමත් කොට නගාසිටුවීම බවද අවධාරණය කළේය.
හෙට (06) උදෑසන 10ට රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී මාධ්‍ය හමුවක් පැවැත්වෙන බව කියාසිටි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එහිදී පාරම්පරික සහ දේශීය වෛද්‍ය අමාත්‍යංශයට අදාළ දේ සම්බන්ධව ප්‍රශ්න විමසමින් පිළිතුරු ලබාගැනීමේ හැකියාව මාධ්‍යෙව්දීන්ට පවතින බවද සඳහන් කළේය