විදේශ රටවල ස්ථාපිත ශ්‍රී ලාංකේය ථෙරවාදී බෞද්ධ මධ්‍යස්ථාන හෝ විහාරස්ථාන, දහම් පාසල් ආදී වෙනත් බෞද්ධ ආයතන, ජාත්‍යන්තර ධර්මදූත කටයුතු සඳහා විදේශගත වන භික්ෂුන් වහන්සේලා, සිල් මෑණියන් වහන්සේලා යන දෙවැදෑරුම් අංශ සම්බන්ධයෙන්(සම්බන්ධීකරණය, නියාමනය සහ මාර්ගෝපදේශනය) සිදු කිරීම, බෞද්ධ සහ බෞද්ධ නොවන රටවලටද ඉදිරියේදී බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථාන ස්ථාපිත කර ගැනීම මෙම ආයතනය මඟින් සිදු කෙරෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ,අතිරේක ලේකම්වරු වන නාලිකා ගුණරත්න, එච්.එන්.කුමාරි, ජාතික උරුම අංශයේ අතිරේක ලේකම් නිශාන්ති ජයසිංහ, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් (වැ.බ) කීර්ති සිරිබද්දන, අන්තර්ජාතික බෞද්ධ සබඳතා පිළිබඳ කාර්යාංශයේ ප්‍රධානි නිමේෂ තිවංකර සෙනවිපාල, පූජාභූම් අධ්‍යක්ෂ චතුර මිහිදුම්, ප්‍රධාන ගණකාධිකාරී ගයනි මුණවීර, අධ්‍යක්ෂ ක්‍රමසම්පාදන නිශාන්ත පුෂ්පකුමාර, බෞද්ධ කටයුතු කොමසාරිස් (සංවර්ධන හා ප්‍රගතිපාලන) නෙරංජ එස්.ජයකොඩි යන මහත්ම මහත්මිහු සහ නිලධාරිහු පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.