ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් මෙම ජාතික ඩෙංගු ආවේක්ෂණ පද්ධතිය හදුන්වාදීමට කටයුතු කෙරණි.
2011 වසරේ දී වසංගත රෝග විද්‍යා අංශය විසින් රෝහල් 50 කින් මෙම ආවේක්ෂණ කටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන ඇති අතර, පසුව රෝහල් 155 ක් දක්වා වැඩිදියුණූ කර ඇත. මෙතෙක් පැවැති මදුරු මර්දන ආවේක්ෂණ පද්ධතිය යථාවත් කරමින් මෙම නව ආවේක්ෂණ පද්ධතිය සකස් කොට ඇත. මෙමගින් ආදාළ දත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල, මහජන සෞඛ්‍ය කොට්ථාස, ග්‍රාම නිලධාරී කොට්ථාස දක්වා ඇතුළත් කිරීමේ හැකියාව පවතී.
එම දත්ත තුළින් ඩෙංගු රෝගීන් හා පොකුරු රෝගීන් හදුනා ගැනීම, ව්‍යාප්තිය පිළිබදව අවබෝධය ලබාගනිමින් කඩිනමින් මර්දන කටයුතු සිදු කිරිම, රෝගීන් කළමණාකරණය, ඩෙංගු ව්‍යාප්තිය හා රෝගීන් පිළිබද දෛිනකව වාර්තා ලබාගැනීම, එම දත්ත සිතියම් ගත කිරීම ආදී කටයුතු සිදු කර ගත හැක.
බස්නාහිර පළාත මුලීක කරගෙන මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස අද දින සිට ආරම්භ කෙරේ. "Somro BPO Services" පෞද්ගලික ආයතනය විසින් මෙම ආවේක්ෂණය පද්ධතියේ පරිගණක මෘදුකාංගය සැපයීම හා යාවත්කාලීන කිරීම සදහා දායකත්වය දක්වා ඇත.
ආවේක්ෂණ පද්ධතියට පළමු රෝහල් රෝගියාගේ දත්ත සහ ක්ෂේත්‍ර රෝගී දත්ත ඇතුලත් කිරිමද මෙහිදි සිදු විය.
එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ;
මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ අපි ජයග්‍රහණ රැසක් ලබාගෙන තිබෙනවා. එම ජයග්‍රහණ කිසිදු ප්‍රසිද්ධියකින් තොරවයි ලබාගෙන තිබෙන්නේ.ඒ සම්බන්ධව අගය නෙකෙරුවත්, සෞඛ්‍ය කේෂ්ත්‍රයේ සියළු සේවක සේවිකාවන්ට අපේ ස්තූතිය පුද කරන්නට අවශ්‍යයයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ලබා ගන්න මේ ජයග්‍රහණයන්ට ලැබෙන ප්‍රතිචාරයන් සහ අගය කිරිම් ඉතාමත්ම අඩුයි.
එය ඉතා අවාසනාවන්ත තත්ත්වයක්. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුලු විවිධ තැන් වලට ගියවිට බෝනොවන සහ බෝවන රෝග සම්බන්ධව වසර ගණනාවක් තිස්සේ අපි ලබා ඇති ජයග්‍රහණයන් කළාපීය රටවල් සමග ඉතාමත් ඉහළින්ය තිබෙන්නේ. ඒත් මින් බොහොමයක් සාකච්ඡාවට, අගය කිරීමට ලක්වෙලා නැහැ. ඒ මොන හේතුවක් නිසාද දන්නේ නැහැ. මේවා අහම්බෙන් සිදු වෙන දේවල් නොවෙයි ඉතාමත්ම කැපවීමෙන් ඒ් සම්බන්ධ පහළ සේවකයාගේ සිට ඉහළ සේවකයා දක්වා පරිපාලන ක්ෂේත්‍රයේ සිටින නිලධාරින් ඇතුළු සියළු දෙනාගේ කැපවීම් තුළ ලබාගන්නා ජයග්‍රහණයන්ය.
සියයක් කර එකක අඩුවක් වූ විට විවේචනය කරනවා. ලක්ෂ ගණනාවක් සනීප කරන විට යම් විදියක අවාසනාවන්ත තත්ත්වයක් ඇතිවුවහොත් අපි සියළු දෙනා කණගාටුවෙනවා යම් කිසි විදියේ ප්‍රකාශයක් කළොත් උදේ සිට රැ වෙනකන් සමාජ මාධ්‍ය ඔස්සේ ඒ පිළිබඳ වැරදි ප්‍රචාර පතුරනවා. මම හොයලා බැලුවා රටවල් 101 ක පමණ ඩෙංගු පවතිනකොට මිලියන 200 ක් 250 ක් විතර මේ සදහා භාජනය වෙනවා.
අපේ වැඩපිළිවෙළේ සාර්ථකත්වයක් නැහැයි කියා චෝදනා කළොත්, අපි බොහොම අගය කරන වටිනාකමක් දෙන රටක් තමයි සිංගප්පූරුව ඒ රටේත් මෙම රෝගය පවතිනවා. මෙය අප සියළු දෙනා එකතු වෙලා පාලනය කරගත යුතු වැඩපිළිවෙලක් වෙනවා.
මම කුණ්ඩසාලේ ආසන සංවිධායකවරයා හැටියට කටයුතු කරනකොට දැක්ක දෙයක් තමයි මහනුවර වැඩිම ඩෙංගු රෝග ව්‍යාප්තිය තිබුණේ කුණ්ඩසාලේ. එම ආසනයේ සියළු වෛද්‍යවරු තීරණයක් ගත්තා මෙය මොන විදියකින් හරි පාලනය කරනවා කියා මාස 02 කින් එම ඉළක්කයට ගියා. සම්පුර්ණයෙන්ම අවසන් කර ගත හැකි වුණා එම කාල පරිච්ඡේදය තුළ. ඔවුන්ගේ පෞද්ගලික කැපවිම මම දැක්කා. අවශ්‍යතාාවයක් තිබෙනවා නම් වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉන්න සියළු දෙනාගේ කැපවීම තුළ මෙය අනිවාර්යයෙන්ම නිවාරණය කර ගන්න යම් කිසි ආකාරයක පාලනයකට නතු කර ගැනීමට හැකියාව තිබෙනවා.
එමෙන්ම ජනතාවගෙන් සහ සමාජයෙන් අපට දෙන සහයෝගය යම් කිසි විදියේ අභියෝගයකට ලක්වෙනවා. සමහර පළාත් වලට ගියාම කිසිම උනන්දුවක් ගන්නේ නැතිව වැඩ කරනවා. මේ සම්බන්ධව තිබෙන දැනුවත් කිරීම් වැඩසටහන් පුළුවන් තරම් වැඩිකර ගන්න පුළුවන් නම් සමාජයට යම් කිසි විදියේ අවබෝධයක් ඇති කරන්න හැකි නම් සමාජයෙන් දෙන සහයෝගයත් ඉතා අවශ්‍යයයි.
එමෙන්ම අපේ දත්ත පද්ධති යාවත්කාලීන කිරිම ඉතා වැදගත් වෙනවා. අපි දැන් ඉන්නේ 21 වන ශත වර්ෂයේ ඩිජිටල් ලෝකයක. එතන අපේ යම් කිසි පසුගාමීත්වයක් තිබෙනවා. එය පිළිගන්න වෙනවා. නමුත් එය ඉදිරියට ගෙනයන්න හැකියාව ලැබෙයි කියා මම හිතනවා. අපේ තිබෙන දක්ෂතාවයන් අපි තාම පාවිච්චි කර නැහැ තාම. අපි යම් යම් ආයතනවලට ලක්ෂ ගණන්, කෝටි ගණන් වියදම් කරනවා නමුත් හැකියාවන් තිබෙන අපේ කණ්ඩායම් සිටිනවා. ඒ අවශ්‍ය පසුබිම නිර්මාණය කරන්න
දරුවෙකුට ඩෙංගු හැදුනාම දෙවියන්ට බාරදිලා තමයි ඉන්නේ. දෙවියෝ තමයි මේ ඉන්නේ. වෛද්‍යවරු සහ සම්පුර්ණ සේවකයින් කියන්නේ දෙවිවරු, දෙවියන්ට කියනවා කියන්නේ ඒ අයට කියනවා කියන එක තමයි. නොපෙනෙන දෙවියන්ට වඩා පෙනෙන දෙවියන් තමයි මේ ඉන්නේ.
ජාතික ඩෙගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා මෙහිදී කියා සිටියේ ඩෙංගු මදුරු මර්දනය සදහා ආවේක්ෂණ පද්ධතියක් ඩෙංගු මර්දන ඒකකය සතුව පැවැති බවත්, එම ආවේක්ෂණ පද්ධතියේ සියළු දුර්වලකම් හදුනාගෙන, යාවත්කාලින කර මෙම නව පද්ධතිය සකස් කොට හදුන්වාදීමට කටයුතු කළ බවත්ය. වැසිකාලය සමගම සහ වෙනත් හේතු නිසා ඇතම් ප්‍රදේශවල ඩෙංගු රෝගය වර්ධනය වන බවත්, මේ සියල්ල ඩෙංගු වසංගත තත්ත්වයකට හේතුවන කාරණා බැවින් වසංගත තත්ත්වය කල්තියා හදුනාගෙන එය පාලනය සදහා කටයුතු කිරීමට මෙම ආවේක්ෂණ පද්ධතිය අත්‍යාවශ්‍ය වන බවද පැවැසීය.
බස්නාහිර පළාත මුලික කරගෙන මුලින්ම ඩෙංගු ආවේක්ෂණ පද්ධතිය ආරම්භ කිරිමට කටයුතු සුදානම් කොට ඇති බවද, ඉන් පසු දීප ව්‍යාපාත්ව ක්‍රියාත්මක කිරිමට කටයුතු සුදානම් කොට ඇති බවද වෛද්‍ය නලින් ආරියරත්න මහතා කීය. අදාළ පළාත්, දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරීන් මට්ටමට ගොස් රෝගීන් වාර්තාවන ප්‍රදේශ හදුනා ගැනීමට හැකි වන බවත්, ඒ අනුව ක්ෂේත්‍ර නිලධාරීන් මාර්ගයෙන් ආදාළ ක්ෂේත්‍ර වෙත ගොස් එම අවස්ථාවේම දත්ත තොරතුරු පද්ධතියට යථාවත් කොට Hostpot ක්‍රමවේදය යටතේ සිතියම් ගත කිරීමට හැකියාව ලැබෙන බවද හෙතෙම පැවැසීය. එය මදුරු මර්දනය සදහා මුලික සිද්ධාන්තයක් වන බවත් කළින් පැවැති පද්ධතිය තුලින් එම කටයුත්ත සිදු කර ගත නොහැකි වූ බවත් ඒ මහතා පැවැසීය.
මේ තුළින් නිසි කළට වසංගත තත්ත්වයන් හදුනාගෙන පිළියම් යොදා ගැනිමට හැකියාව ලැබෙන බැවින් ඉදිරියේදී ඩෙංගු රෝගය පෙර පැවැති තත්ත්වයට වඩා කඩිනමින් ව්‍යාප්ත වීමට ඉඩ නොදී පාලනය කර ගත හැකි වනු ඇති බවද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවැසීය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) එස්.එම් ආනල්ඩ්, ජාතික බෝනොවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය දිනේෂ් කොග්ගලගේ, කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඒ.ඩී.එච් ජයතිලක, විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු, SOMRO ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ සනත් ද සිල්වා, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු, පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, විශේෂඥ වෛද්‍යවරු, කීට විද්‍යා සංගමය නියෝජනය කරමින් එහි නිලධාරින් ඇතුලු පිරිසක්ද එක්ව සිටියහ.