නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගොවීන් 10,000කට හරිත මුද්‍රාව සහතික ලබා දීමේ වැඩසටහනක්

    ජූනි 22, 2023

    කෘෂිකාර්මික නිෂ්පාදනයන් හි ගුණාත්මකභාවය තහවුරු කිරීමට හදුන්වා දී ඇති යහ කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කිරීම සඳහා ගොවීන් 10,000කට හරිත මුද්‍රාව සහතික ලබා දීමේ වැඩසටහනක් කෘෂි ආංශික නිපුණතා සභාව ආරම්භ කර තිබේ.

    මෙම හරිත මුද්‍රාව (Green Seal) හඳුන්වා දීමේ වැඩසටහන පසුගියදා (20) බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    ශ්‍රී ලංකාවේ කෘෂි නිෂ්පාදන සඳහා අන්තර්ජාතික පිළිගැනීමක් ලබා දීම සඳහා මෙම හරිත මුද්‍රාව වැඩපිළිවෙල හේතුවන බවත් ලොව පුරා කෘෂි නිෂ්පාදන සඳහා අනුගමනය කරන යහ කෘෂිකාර්මික පුරුදු මගින් නිෂ්පාදනවල ගුණාත්මකභාවය ආරක්ෂා කෙරෙන බවත් කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

    කාබනික යෙදවුම් මෙරට කෘෂිකර්මාන්තය සඳහා භාවිතා කිරීම පිළිබඳව මින් පෙර විශේෂ අවධානයක් යොමු කර තිබුනද මේ වනවිට නැවතත් රසායනික පොහොර සම්බන්ධව වැඩි අවධානයක් යොමු කර තිබෙන නිසා යහ කෘෂිකාර්මික පුරුදු සම්බන්ධව සමාජයේ අවධානය ගිළිහී ගොස් ඇති බව මෙම අවස්ථාවට සහභාගි වෙමින් කෘෂීකර්ම අමාත්‍යවරයා පැවසීය.

    කෙසේ වුවද කෘෂි ආංශික නිපුණතා සභාව විසින් නැවතත් යහ කෘෂිකාර්මික පුරුදු සම්බන්ධයෙන් අවධානය යොමු කර ගොවි නිෂ්පාදන අන්තර්ජාතික ප්‍රමිතිකරණයට ලක් කිරීම සඳහා ගොවීන් 10,000කට හරිත මුද්‍රාව සහතික ලබා දීමට පියවර ගැනීම විශිෂ්ට කටයුත්තක් බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා , කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya