මේ දිනවල විදුලිබල මණ්ඩලයේ සිදු කරන මානව සම්පත් සංගණනය හේතුවෙන් එම පිරිස ස්ථිර කිරීම තාවකාලිකව නතර කර ඇතැයිද හෙතෙම පැවසීය.
නමුත් විදුලිබල මණ්ඩලයේ අඛණ්ඩව සේවය කළ එම පිරිස් ඉදිරි මාස කිහිපයේදී ස්ථිර කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය.
එම පිරිස බඳවා ගැනීම නතර කළේ තාවකාලිකවයි. විදුලි බල මණ්ඩලයේ ඉතාම කැපවීමෙන් වැඩ කරන්නේ මෙම පිරිස. ඉදිරියේදී ඔවුන් ස්ථිර කරනවා. තාවකාලිකව නතර කර ඇති උසස් වීම් පටිපාටිද ඉදිරියේදී සිදු කරනවා.
තවද විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකිරීමෙන් පසු දැනට සේවය කරන සියළුම සේවකයින්ට එම නව සමාගම් වල ඉඩ ලබා දෙන බවද අමාත්‍යවරයා පැවසීය. එසේම දැනට තිබෙන වැටුපට නොවැඩි වැටුපක් එම පිරිසට ලබා දෙන බවද හෙතෙම පැවසීය.
දැනට විදුලි බල මණ්ඩලය යටතේ භුක්ති විඳින පහසුකම්ද ඒ ආකාරයෙන්ම ලබා දීමට කටයුතු කරන බවත්, ඉදිරියේදී නව නව බඳවා ගැනීම් සිදු නොකරන බවත් හෙතෙම පෙන්වා දුන්නේය. ඒ අනුව දැනට සේවයේ යෙදී සිටින පිරිසම මෙම සමාගම් වල සේවය කිරීමට අනුයුක්ත කර ගන්නා බවද අමාත්‍යවරයා පැවසීය.