පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විදෙස් ශ්‍රමිකයින් සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මනූෂ නානායක්කාර මහතා මේ බව පැවසීය.
දෙස් විදෙස් රටවල වෘත්තීය ශ්‍රමිකයින් සඳහා තිබෙන ඉඩ ප්‍රස්ථා සොයා බලමින්, විදෙස් ශ්‍රමිකයින් වැඩිවශයෙන් යැවිය හැක්කේ කුමන රටවල වෘත්තින් සඳහාද යන්න සෙයා බලන බවත් ඒ අනුව, එම වෘත්තීය පුහුණු පාඨමාලා සකස් කරන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යංශය සහ තෘතීය පුහුණු ආයතන සමග එක්ව කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය.
විදෙස් රටවල් සමග එක්ව වෘත්තීය පුහුණුව skill equlisation program එකක් කරගෙන යනවා, අපේ රටේ වෘත්තීය පුහුණුව අනෙක් රවලට සමාන කරන්න , ඒ රටවල අවශ්‍යතාවයේ හැටියට මෙරට වෘත්තීය පුහුණුව ලබා දෙමින් එම ස්කිල්ස් සෑදීමේ වැඩපිළිවෙළ කරගෙන යනවා. අධ්‍යාපන අමාත්‍යංශය සහ වෘත්තීය පුහුණු ආයතන සමග එක්ව එම වැඩපිළිවෙළ සිදුකරගෙන යනවා.
විදේශ රටවල තිබෙන අවශ්‍යතාවය අනුව මෙම කටයුත්ත සිදු කරනවා.
දේශීය සහ විදේශීය වශයෙන් වෘත්තීය ශ්‍රමිකයින් ලේබර් මාර්කට් සම්බන්ධව ගනණය කිරීමක් මේ දිනවල සිදු කරනවා. ඒ අනුව ලෝකයේ කොයි කොයි රටවලටද වැඩි අවධානය යොමු කළ යුත්තේ යන්න පිළීබඳව සොයා බලනවා.තව අවුරුදු 05ක් සහ 10ක් සඳහා ශ්‍රමිකයින් පුහුණු කළ යුත්තේ කොයි විදියටද කියා සොයා බලනවා.
අධ්‍යාප අමාත්‍යංශය එක් වී ජපන් භාෂාව ප්‍රාථමික අධ්‍යාපන ලබා දීමට කටයුතු කරන බවත් අනාගතයේදි ජපන් වෙළෙඳපළ ඉලක්ක කරගනිමින් මෙලෙස පාඨමාලා ආරම්භ කරන බවද කීය