නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිර්වින්දන ඖෂධ දරුවන් සඳහා භාවිතා කරන්නේ නෑ- සෞඛ්‍ය අමාත්‍ය

    ජූනි 22, 2023

    නිර්වින්දන ඖෂධ දරුවන් සඳහා භාවිතා නොකරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙිළිය රඹුක්වැල්ල මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී පැවසීය.විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    එය නීතියක් නොවූවත්, සංකූලතාවයන් වැඩි නිසා දරුවන් වෙනුවෙන් භාවිතා නොකරන අතර වැඩිහිටියන් සඳහා පමණක් භාවිතා කරන බව හෙතෙම පෙන්වා දුන්නේය.

    පේරාදෙණිය ශික්ෂණ හා ළමා රෝහල් වලින් වාර්තා වූ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, මේ සම්බන්ධයෙන් විමර්ශණය කිරීම සඳහා එම රෝහල්වල වෛද්‍යවරු සෞඛ්‍ය අමාත්‍යාංශයට කැඳවා ඇති බවයි.

    දරුවන්ට මේ නිර්වින්දන ඖෂධය ලබා දෙන්නේ නැහැ. නිර්වින්දන ඖෂධය තුළින් ඇති වෙච්ච බාධායක් කියන එක දරුවන්ට බලපාන්නේ නැහැ. නීතියක් නෙවෙයි. එහෙත් එය පාවිච්චි කරන්නේ නැත්තේ සංකූලතාවයන් වැඩි නිසා. වැඩිහිටියන්ට පමණයි පාවිච්චි කරන්නේ. අනිත් සිද්ධිය සම්බන්ධව පරීක්ෂණයක් සිදු කරනවා. මේ කරුණ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සහ ළමා රෝහලේ පමණයි සිදුවෙලා තිබෙන්නේ.වෙන කිසිම රෝහලකින් වාර්තා වෙලා නැහැ.

    ඖෂධ ගෙන්වීමේ ක්‍රියාවළිය සම්බන්ධව මාස නවයක විතර ප්‍රසම්පාදන ක්‍රියාවළියක් තිබෙනවා. ඒක අඩු කරන්න අපි කැබිනට් මණ්ඩලයටත් ගියා. කැබිනට් මණ්ඩලය අවසර දුන්නා. ඒ අතර තුරේ යම්කිසි කණ්ඩායමක් සුප්‍රීම් උසාවියට ගිහින් තිබෙනවා බෙහෙත් ගෙන්වීම නතර කරන්න කියලා. ඒ සම්බන්ධව ලොකු ප්‍රශ්නයක් මතු වෙලා තිබෙනවා. හදිසි අවස්ථාවක කළ යුතු ආකාරය ගැන එම්එම්ආර් එකේ පනතේ 109 ගන්තියේ සඳහන් වෙලා තිබෙනවා. ඒ සම්බන්ධව මේ වෙන කොටත් අධිකරණයේ නඩුවක් ගොනු කරලා තිබෙනවා.

    නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය ලබා දී තිබෙන ඒ තැන සම්බන්ධව අපේ තිබෙනවා දැඩි උනන්දුවක්. ඒ සම්බන්ධව ක්‍රියාකිරීමට හැකියාවක් නැත්නම් මම සභාවට දන්වනවා. මම තීරණය කරලා තිබෙනවා එවැනි අඩුපාඩුවක් පිරිමහ ගන්න බැරිනම් තව දුරටත් තනතුරු දරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොන හේතුව කිව්වත් එම අඩුපාඩුවේ වගකීම බාරගන්න වෙනවා.හෙවිකේන් කියන නිර්වින්දන ඖෂධය භාවිතා කරන්නෙම නැහැ. නිර්වින්දන ඖෂධයට එහා ගිය භාහිර ප්‍රශ්නයක් තියෙනවද කියලා හොයලා බලන්න ඕන..

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya