නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නොරොච්චෝලේ බලාගාරය විදෙස් සමාගමකට ලබා දීම සම්බන්ධයෙන් කිසිදු සූදානමක් නෑ- විදුලිබල සහ බලශක්ති අමාත්‍ය

    ජූනි 22, 2023

    නොරොච්චෝලේ බලාගාරය විදෙස් සමාගමකට ලබා දීම සම්බන්ධයෙන් කිසිදු සූදානමක් නැතැයි විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට වෘත්තීය සමිති කිහිපයක් පමණක් විරුද්ධ වී ඇති බවත් , එම පිරිස් වැරදි මත සමාජගත කරමින් සිටින බවයි. ඔවුන් විදුලිබල මණ්ඩලයේ සේවය කරන පිරිස් නොවන බවද බලශක්ති අමාත්‍යවරයා අවධාරණය කළේය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, නොරොච්චෝලේ බලාගාරය, පෞද්ගලිකට සමාගමකට ලබා දීම සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් හෝ පවත්වා නැහැ. නමුත් නොරොච්චෝලේ බලාගාරය ආශ්‍රිතව වෙනත් ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා යෝජනා එවා තිබෙනවා. ජල විදුලි බලාගාර අපට පෞද්ගලීකරණය කරන්න බැහැ. ජල විදුලිබලාගාර වල අයිතිය තිබෙන්නේ වාරිමාර්ග අමාත්‍යංශයට සහ ජල කළමනාකරණ අධිකාරියට. පානීය ජලය ලබා දීම , පරිසර සංරක්ෂණය ට ලබා දුන් පසු ඉතිරි ජලය ජලවිදුලිය නිපදවීමට ලබා දෙනවා. මෙම බලාගාර කොරියාවට සහ චීනයට දෙනවා කියලා වැරදි මතයක් යනවා. එසේ ලබා දෙන්න කිසිදු බලාපොරොත්තුවක් නැහැ යැයි අමාත්‍යවරයා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya