නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    05 වැනි ජාතික තරුණ පාර්ලිමේන්තුව ජුනි මස 17 සහ 18 දෙදින කොළඹ දී

    ජූනි 16, 2023

    05 වැනි ජාතික තරුණ පාර්ලිමේන්තුවේ 03 වැනි සැසිවාරය ජුනි මස 17 සහ 18 දෙදින කොළඹ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ පිහිටි පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී පැවැත්වෙන බව එහි අග්‍රාමාත්‍ය පැතුම් රණසිංහ මහතා පවසයි.

    මෙම සැසි වාරයේදී යෝජිත ‘තරුණ පාර්ලිමේන්තු පනත් කෙටුම්පත’ පිළිබඳව විවාදයට ගැනීමට නියමිත ය.

    වත්මන් ජාතික තරුණ පාර්ලිමේන්තුව සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම නියෝජනය කොට ඡන්දයෙන් තේරී පත් වූ තරුණ නියෝජිතයන්ගෙන් සමන්විත වේ. ඊට අමතරව රාජ්‍ය සහ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන නියෝජනය කරමින් ද තරුණ පාර්ලිමේන්තුව සඳහා සභිකයන් තේරී පත් වී ඇත.


    ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව දේශපාලනික වශයෙන් බල ගැන්වීම සහ තරුණ දේශපාලන සහභාගීත්වය පුළුල් කිරීම ජාතික තරුණ පාර්ලිමේන්තු සංකල්පයේ පරමාර්ථයන් වේ.


    වත්මන් තරුණ පාර්ලිමේන්තුව 2020 වසරේදී රැස් වූ අතර එම වසරේ සිට මේ දක්වා විවිධ ව්‍යාපෘති සහ තරුණ සංවර්ධන වැඩසටහන් ජාතික තරුණ පාර්ලිමේන්තුව ක්‍රියාත්මක කර ඇති බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya