නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආයුර්වේද සංරක්ෂණ සභා සවිබල ගැන්වේ

    ජූනි 16, 2023

    දිවයින පුරා විසිරී සිටින පාරම්පරික දේශීය වෛද්‍යවරුන් රෝගීන් සුවපත් කරලමින් ජාතික සෞඛ්‍ය සේවාවට අපරිමිත සේවයක් ඉටු කරනු ලබන අතර ඔවුන් විසින් සිදු කරන සේවාව අගයමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් පිහිටුවා තිබෙන ආයුර්වේද සංරක්ෂණ සභා සවිබල ගැන්වීමේ වැඩසටහන් රැසක් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය මගින් දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවා තිබේ.

    ඒ අනුව මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආයුර්වේද සංරක්ෂණ සභාව සවිබල ගැන්වීමේ වැඩසටහන දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ සහභාගීත්වයෙන් පසුගියදා (12) මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

    මෙම වැඩසටහන තුළදී පාරම්පරික වෛද්‍යවරුන් මුහුණ පාර සිටින ප්‍රශ්න, ගැටළු නිරාකරණය, ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි ක්‍රමවේද හඳුන්වා දීම සහ ඔවුන්ගේ ජීවන තත්වය නංවාලීම සඳහා අමාත්‍යාංශයේ දායකත්වය ලබා දීම, දේශීය වෛද්‍ය ක්‍රම සංරක්ෂණය, ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි ක්‍රමවේද හඳුන්වා දීමද මූලික වශයෙන් සිදු කෙරිණ. එමෙන්ම අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක සුව - ධරණී - සුව චර්යා වැඩසටහන, සුව ධරණී හෙළ ඔසු සංරක්ෂණ සහ සංවර්ධන වැඩසටහන, සුව ධරණී හෙළ ඔසු පැන් ව්‍යාපෘතිය සඳහා සංරක්ෂණ සභා දායක කර ගැනීමද එහිදි සිදුවිය.

    එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා

    ආයුර්වේද වෛද්‍ය ක්‍රමයත් හෙළ වෙදකමත් එකට මුසු වූ දේශීය වෛද්‍ය ක්‍රමය විකල්ප වෛද්‍ය ක්‍රමයක් ලෙස එකට එකතු කර ගොඩනැගිය යුතු කාලයකටයි දැන් අප එළඹ තිබෙන්නේ, අපට ආයුර්වේද වෛද්‍යවරුන් පාරම්පරික වෛද්‍යවරුන් ලෙස බෙදා වෙන් කරන්න බැහැ. සියලු දෙනා එකට එකතු වී මිනිසුන්ගේ යහපත වෙනුවෙන් මිනිසුන්ගේ නීරෝගීභාවය වෙනුවෙන් වැඩකළ යුතුයි. අපේ රටේ සෞඛ්‍ය සේවාව සදහා වසරකට බිලියන 480 ක් පමණ වැය වෙනවා. එම මුදලින් දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය සදහා ලැබෙන්නේ 2% ක වැනි මුදලක්. එම මුදලින් ආයුර්වේද දෙපාර්තමේන්තුව, ආයුර්වේද රෝහල් පද්ධතිය පවත්වාගෙන යාම 2500 ක් වන ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන්ගේ වැටුප් ගෙවීම, 4000 කට ආසන්න රෝහල් කාර්ය මණ්ඩල සදහා වැටුප් ගෙවීම, රෝහල් පද්ධතිය පවත්වාගෙන යාම, ඖෂධ ලබාදීම සිදු කරනු ලබන්නේ. මේ වන විට අප ආර්ථිකමය වශයෙන් විවිධ ගැටලු රාශියකට මුහුණ පා තිබෙනවා. අපට සෞඛ්‍ය සේවාවට යන වියදමින් 5% ක ප්‍රතිපාදනයක් ලබා දෙනවානම් පාරම්පරික වෛද්‍ය ක්‍රමයත් ආයුර්වේද ක්ෂේත්‍රයත් තුලින් අපේ නියාමනයන් යටතේ සෞඛ්‍ය සේවාවට යන වියදමෙන් 40% ක් අඩුකර දීමේ හැකියාව අපට පවතිනවා.

    මෙම අවස්ථාවට දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) චන්දන තිලකරත්න මහතා ඇතුළු පාරම්පරික වෛද්‍යවරුන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya