ඒ අනුව, වටානා කිලෝවක නව මිල රුපියල් 275.00 කි. එමෙන්ම, පාන්පිටි කිලෝවක් රුපියල් 195.00 ක් වන අතර රතු පරිප්පු කිලෝවක මිල රුපියල් 295.00 ක් වේ. ශ්‍රී ලංකික ජනතාවගේ දරිද්‍රතාවය තුරන් කිරීමේ ජාතික මෙහෙවරට දායක වන රාජ්‍ය අංශය සතු ඒකම සුපිරි වෙළඳසැල් ජාලය වන ලංකා සතොස තම පාරිභෝගික ජනතාවට සහන සලසාදීමේ උදාර අරමුණ පෙරදැරිව ඉහත සඳහන් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග තුනෙහි මිල අඩු කර තිබෙන බව ලංකා සතොස පවසයි.