අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

      ආර්ථික අර්බුදයෙන් පීඩා විදින ජනතාවට සහන සැලසීම රජයේ පූර්ණ වගකීමක් ලෙස පිළිගන්නවා- වැවිලි කර්මාන්ත අමාත්‍ය

    ජූනි 07, 2023
     ආර්ථික අර්බුදයෙන් පීඩා විදින ජනතාවට සහන සැලසීම රජයේ පූර්ණ වගකීමක් ලෙස පිළිගන්නා බව වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
     අමාත්‍යවරයා අද (07) පාර්ලිමේන්තුවේ දී මේ බව කීය.
     
    අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් සමාජ ආරක්ෂණ දැලක් ඇති කොට ඔවුන්ට ඉහල මට්ටමක් ඇති කිරීමේ සහයෝගය රජය පමණක් නොවේ අයි.එම්.එෆ් එකත් වටහාගෙන නියමයන් ලබා දී තිබෙනවා.
     කුඩා කර්මාන්ත හා කර්මාන්ත අංශයේ දියුණුව වෙනුවෙන් රජය උපරිම ආකාරයෙන් කටයුතු කරනවා. පසුගිය වසරේ ඇති වූ ආර්ථික අර්බුදයතෙක්ක, මූල්‍යණය පිළිබඳ ගැටළු කීපයක් ඇති වී තිබෙනවා. මේ රටේ ව්‍යාපාර කිරීමට අව්ශ්‍ය පහසුකම් වෙනුවෙන් පසුතලය සකස් කරන්න කමිටුවක් ද පත් කර තිබෙනවා. කර්මාන්ත අංශයේ ප්‍රධාන ගැටළු හඳුනාගෙන ඊට පිළියම් යෙදීමට දැනටමත් කටයුතු කරමින් සිටිනවා. අමුද්‍රව්‍ය හිඟතාවක් තිබුණා. මේ රටේ කර්මාන්තකරුවන්ට උපරිම සහයෝගය ලබාදුන්නා. අමුද්‍රව්‍ය වෙනුවෙන් සාධණීය මැදිහත්වීමක් කළා. අද උද්ධමනය අඩුවෙලා. පොළී අනුපාත අඩුවෙනවා. කුඩා කර්මාන්තවලට මහා,මාධ්‍යපරිමාණ කර්මාන්තවට මූල්‍යණය පිළිබඳ පහසුව ඇතිවේවී.රටට සංවර්ධන බැංකුවක් නොමැති වීම ගැටළුවක්. මේ රටට සංවර්ධන බැංකුවක් අවශ්‍යයි. නව නිෂ්පාදනවලට නව කර්මාන්තකරුවන්ට අත් දෙන බැංකු පද්ධතියක් අවශ්‍යයි යැයි ද අමාත්‍යවරයා කීය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya