මෙම උත්සවය සම්බන්ධයෙන් පැවති මාධ්‍ය දැනුම්වත් කිරීමේ සාකච්ඡාවට ඒක්වෙමින් අද (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී උන්වහන්සේ මේ බව පැවසූහ.
60 වැනි සංවත්සරය සැමරුම් උත්සවයේදී මහා මහින්ද ජාත්‍යන්තර ධර්මදුත සංගමය විසින් ඉන්දියාව, ජපානය, මැලේසියාව, සංගප්පූරඅව, කොරියාව, ඉතාලිය , මහා බ්‍රිතාන්‍ය ,ඇමරිකාව සහ චීකය යන විදෙස් රටවල සහ ශ්‍රි ලංකාව ඇතුළුව රටවල් දහයක ධර්ම දූත සේවාවේ සහ සමාජ සේවා කටයුතු වල නියැලි සිටින භික්ෂුන් වහන්සේලා 14 නමක් සහ එක් ගිහි පුද්ගලයෙකු ඇගයමින් ගෞරව සම්මානද පුද කෙරේ.
මෙම උත්සවය ජූනි 09 ප.ව 2.00ට පැවැත්වීමට නියමිත අතර දෙස් විදේස් ගිහි පැවදි ප්‍රභූ ආරාධිතයින් 400ක් සහභාගීවන බව පූජ්‍ය ,මහාචාර්ය මැදගම නන්දවංස නාහිමියෝ පැවසූහ.
මෙම මාධ්‍ය හමුවට සහාපති , ඉන්දු - ශ්‍රි ලංකා ජාත්‍යන්තර බෞද්ධ සමාගම,විහාරාධිපති,ජම්බුද්වීප -ශ්‍රි ලංකා බෞද්ධ විහාරය ඉන්දියාව ,බරණැස ඉසිපතන මිගදාය, පූජ්‍ය අචාර්ය කහවත්තේ සිරි සුමේධ නාහිමි වහන්සේ , භාරතයේ ප්‍රධාන සංඝනායක,ඉන්දියාවේ මහා මහින්ද ජාත්‍යන්තර ධර්මදූත සංගමයේ සභාපති, විහාරාධිපති මහා රාශ්ට්‍ර ප්‍රාන්තය මහින්ද විහාරය,ඉන්දියා තක්ෂාලා මහා විද්‍යාලයේ අධ්‍යක්ෂ පූජ්‍ය ආචාර්ය නලුවෙල ආනන්ද නාහිමි , විහාරාධිකාරි,මහා මහින්ද ජාත්‍යන්තර ධර්මදූත සංගමයේ ප්‍රධාන සංබන්ධීකාරක පූඡ්‍ය ගලහිටියේ සුමන හිමි වහන්සේ සහභාගී වූහ.