අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිගු කලක් නොවිසඳුනු උද්‍යාන භාරකරුවන්ගේ උසස්වීම් ගැටලුව කඩිනමින් විසඳන්න - අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි

    ජූනි 07, 2023

    දිගුකලක් තිස්සේ උසස්වීම් නොලැබූ වනජීවී දෙපාර්තමේන්තුවේ උද්‍යාන භාරකරුවන්ගේ උසස්වීම් ලබාදීම සඳහා කඩිනමින් පියවර ගන්නා ලෙස වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය අමාත්‍යංශ ලේකම් ඇතුළු නිලධාරීන්ට උපදෙස් දෙයි.

    අමාත්‍යතුමිය මෙම උපදෙස් ලබාදුන්නේ, ඊයේ(ජූනි06) අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී උද්‍යාන භාරකරුවන්ගේ ගැටලු විමසීමට සංවිධානය කළ රැස්වීමේදී එම නිලධාරීන් ඉදිරිපත් කළ ගැටලු සම්බන්ධයෙන් විමසමිනි.

    මෙම අවස්ථාවට එක්වූ උද්‍යාන භාරකරුවන් අමාත්‍යතුමියට පැවසුවේ තමන් වසර 15ක් 25ක් තරම් කාලයක් එකම තනතුරක රාජකාරි කරන බවයි. තමන්ට උසස්වීම් සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයන් ඇතිවී තිබෙන බවද ඔවුහු පැවසූහ. එම තත්වයට මුහුණ දී ඇති නිලධාරීන් ගණන 41 පමණ බවද ඔවුහු වැඩිදුරටත් සඳහන් කළහ.


    අදාළ නිලධාරීන් සඳහා පැවැත්විය යුතු තරඟ විභාග හා අනෙකුත් පරීක්ෂණ කඩිනමින් පැවැත්වීමට කටයුතු කර ඔවුන්ගේ සේවාවට සාධාරණයක් වන පරිදි එම උසස්වීම් ලබාදීමට සියලු කටයුතු සිදුකරන ලෙස අමාත්‍යතුමිය එහිදී පැවසුවාය.
    එම අවස්ථාවට පැමිණ සිටි ඉහළ නිලධාරීන් පැවසුවේ මීට පෙර අවස්ථා කිහිපයකදී තරඟ විභාග පැවැත්වීමට කටයුතු කළ නමුත් අදාළ උද්‍යාන භාරකරුවන් එම විභාගවලට පෙනී සිටීමෙන් වැළකී සිටීමද ඔවුන්ගේ උසස්වීම්වලට නොලැබීමට හේතුවක් බවයි.


    වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් ආර්. එම්. සී. එම්. හේරත්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්. පී. සී. සූරියබණ්ඩාර, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් අනුෂ්කා සෝමරත්න, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ(ව්‍යාපෘති) මංජුල අමරරත්න, අධ්‍යක්ෂ(පාලන) ඒ. පී. ආනන්දනී, යන මහත්ම මහත්මීන් ඇතුළු දිවයිනේ උද්‍යාන භාරකරුවෝ පිරිසක් සහභාගි වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya